සියත, ජනයුගය, යාත්‍රා වැටුප් අර්බුධයක්. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, October 17, 2017

සියත, ජනයුගය, යාත්‍රා වැටුප් අර්බුධයක්.

මීට කලකට පෙර ආරම්භක කල ජනයුගය පුවත්පතේ 250කට අධික සේවකයන් සහ මැක්ස් ටීවී (යාත්‍රා) සේවකයන්ට ආදී සියලු අයට පඩිගෙවීම මගහැර ඇතැයි වාර්තා වේ.

පුවත් පතේ ආරම්භය පටන්ම පඩි දිනය දවස් පහක් හයකින් පසු කර අද වනවිට මෙසේ පඩි ලබා දීම නවතා ඇත. අභ්‍යන්තර ආරංචි වලට අනුව දැනගන්නට ඇත්තේ ඇලෝසියස් දැනටමත් පත්තරය ගැන අදහස අතහැර දමා ඇති බවය. මීට පෙර එහි ප්‍රාදේශීය පුවත් වාර්තාකරුවන්ට, නිදහස් මාධ්‍යවේදීන්ට නිදහස් ඡායාරූප ශිල්පීන්ට, චිත්‍රශිල්පීන්ට ගෙවීම අතහැර දමා ඇති අතර එහි ප්‍රධානියා වන තුෂාර ගුණරත්න පවසා ඇත්තේ “ලියන්න බැරි උන් ඕනෑ පත්තරයකට යන ලෙසය”.

මෙම පඩි පරක්කුව නිසා වෙළද අංශයේ ප්‍රධානි රංග පෙරේරා තමන් ඉවත්ව යනබවට ඇලෝසියස්ව බියගැන්වීමෙන් පසුව එම අංශයට පමණක් පඩිගෙවා ඇත. අනිත් සියලුම සේවකයන් පඩි නැතිව දැනට දින හතලිස්පහක් බලාගෙන සිටි. පසුගිය සිකුරාදා දිනයේදී පඩි ගෙවන බවට තුෂාර ගුණරත්න තම සේවකයන්ට පැවසුවත් සිකුරාදා දිනයෙදී ඔවුන්ගේ මානව සම්පත් කලමණාකාරවරයා පවසා ඇත්තේ පඩි දවස ගැන තමන් නොදන්නා බවයි. දැනට ජනයුගය පුවත්පත පවත්වාගෙන යන වොක්ෂුවල් වීදියේ ගොඩනැගිල්ලේ මාසික කුලිය අප්‍රේල් මස සිට මෙතෙක් ගෙවා නැත. එම ගොඩනැගිල්ලේ හිමියා තමන්ට ගෙවන්න තියෙන හිග මුදල් නොගෙව්වොත් බිල්ඩිමෙන් එලියට ඇදලා දාන බව ඒ අසලටම පැමිණ තර්ජනය කර ඇත.

13ක් සියත හැරයයි

සියත රූපවාහිනී ප්‍රවෘත්ති අංශයේ 13ක් ඊයේ (16) ඉන් ඉවත්ව ගොස් තිබෙනවා.විශේෂ ආරංචි මාර්ග අපවෙත තොරතුරු අනාවරණය කරණ පරිදි මෙයට හේතුවී ඇත්තේ ඔවුන්ගේ වැටුප් නොලැබීමයි. ඒ හේතුවෙන් මෙලෙස 13 දෙනෙකු පමණ ස්ව කැමැත්තෙන් ඉල්ලා අස්වීම් ලිපි සියත රූපවාහිනී නාලීකාවේ බලධාරීන් වෙත ලබාදී ඉල්ලා අස්වී තිබෙන බවයි අදාල තොරතුරු ඔස්සේ ⁣අපවෙත වැඩිදුරටත් වාර්තා වන්නේ.

(FM & TV Srilanka සහ colomboxnews ඇසුරිණි.)

No comments:

Post a Comment

Post Bottom Ad