හුදකලා ඉනිමක් දියත් කල ‘මුෂ්ෆිකර් රහීම්ගෙන්’ දකුණු අප‍්‍රිකාවට එරෙහි ව වාර්තාවක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, October 15, 2017

හුදකලා ඉනිමක් දියත් කල ‘මුෂ්ෆිකර් රහීම්ගෙන්’ දකුණු අප‍්‍රිකාවට එරෙහි ව වාර්තාවක්

සංචාරක බංගලාදේශ කණ්ඩායම හා දකුණු අප‍්‍රිකානු කණ්ඩායම අතර පැවැත්වෙන තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරගය මේ වන විට පැවැත්වෙයි.

එහි කාසිය වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් බංගලාදේශ කණ්ඩායම නියමිත පන්දුවර 50 තුළ කඩුලු 07ක් දැවී ලකුණු 278ක් ලබා ගත්තා. එහිදි හුදකලා ඉනිමක් ක‍්‍රීඩා කළ මුෂ්ෆිකර් රහීම් සිය පස්වන එක්දින ශතකය වාර්තා කරමින් නොදැවී ලකුණු 110ක් රැස් කිරීමට සමත්වු අතර එය දකුණු අප‍්‍රිකාව ට එරෙහිව බංගලාදේශ පිතිකරුවකු ලබාගත් ඉහළම එක්දින ලකුණු සංඛයාව ලෙසද වාර්තා පොත් අතරට එක්වුවා.

දකුණු අප‍්‍රිකානු කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ට පන්දුයැවීමට නිරත වු කාගීසෝ රාබාඩා කඩුලු 04ක් දවා ගැනීමට සමත් වු අතර පෙටෝරියස් කඩුලු 02ක් දවා ගැනීමට සමත්වුවා.

No comments:

Post a Comment

Post Bottom Ad