මහා මඩ මෙහෙයුමක් සූදානම්.. අතහිත ප‍්‍රබලයාගෙන්.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, October 10, 2017

මහා මඩ මෙහෙයුමක් සූදානම්.. අතහිත ප‍්‍රබලයාගෙන්..

මහින්ද පාර්ශ්වයේ ප්‍රබලයකු වන ප්‍රසන්න රණතුංග මන්ත්‍රීවරයා ඉලක්ක කරගනිමින් රාජ්‍ය මාධ්‍ය හරහා මෙහෙයුමක් දියත් කරන ලෙස රජයේ ඉහළ නායකයකු උපදෙස් දී තිබේ.

ප්‍රසන්න කරන කතා ජනතාවගේ අවධානයට ලක්වීම නිසා ආණ්ඩුවේත් නායකත්ව ප්‍රතිරූප දැඩි ලෙස සෝදාපාලුවට ලක්ව ඇති බව දැනගැනීමෙන් කෝපයට පත්ව සිටින මෙම නායකයා මෙහෙයුම අරඹා තිබේ. රජයේ ප්‍රබලයාගේ උපදෙස් මත රාජ්‍ය මාධ්‍ය ආයතන සියල්ලම පාහේ මේ වන විට ප්‍රසන්නට එරෙහිව මඩ මෙහෙයුම ආරම්භ කර ඇති අතර මේ සතිය තුළ එම මඩ ප්‍රහාර මාධ්‍ය තුළින් විකාශය කිරීමට නියමිතය.


ඒ අනුව රාජ්‍ය මාධ්‍ය ආයතනවල මාධ්‍ය කණ්ඩායම් ගම්දනව් පීරමින් ප්‍රසන්නට ‍එරෙහි තොරතුරු රැස්කරමින් සිටින බවත් දැනගන්නට තිබේ. එළැඹෙන පළාත් පාලන මැතිවරණයට සහ ජනමත විචාරණයට පෙර ප්‍රසන්න රණතුංගගේ කට වැසීම මෙම මඩ ප්‍රචාරයේ ඉලක්කය බව වාර්තා වේ.

– සුදීරා

No comments:

Post a Comment

Post Bottom Ad