බැදුම්කර ක‍්‍රියාදාම චිත‍්‍රපටයේ අවසාන ජවනිකාව මෙන්න.. ප‍්‍රබලම සාක්‍ෂිකාරිය දේපොලත් විකුණා රට යයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, October 17, 2017

බැදුම්කර ක‍්‍රියාදාම චිත‍්‍රපටයේ අවසාන ජවනිකාව මෙන්න.. ප‍්‍රබලම සාක්‍ෂිකාරිය දේපොලත් විකුණා රට යයි..

කොළඹ මොනෑෂ් සුපිරි නිවාස සංකීර්ණයේ හිමිකාරිය වන අනිකා විජේසූරිය අධ්‍යක්‍ෂවරියක්ද වන ඇගේ පියා වන නහිල් විජේසූරිය සභාපතීත්වය දරන ඊස්ට් වෙස්ට් සමාගමේ ඔවුන් සතු 63.9%ක කොටස් අද කොළඹ කොටස් හුවමාරුවේදී විකුණා දමා තිබේ.

බැදුම්කර කොමිසමේදී ඇය විසින් ලබා දුන් සාක්‍ෂිය නිසා මරණ තර්ජන එල්ල වීම මත රටින් පිටත්ව ගොස් ඇති බව අද බැදුම්කර කොමිසම හමුවේ හෙලි විය. මෙම මරණ තර්ජනය සිදු කර ඇත්තේ හිටපු ඇමති රවි කරුණානායකගේ සමීපතමයෙකු විසින් යයිද වාර්තා පලවෙයි. රුපියල් ලක්‍ෂ 116ක කුලියක් ගෙවමින් අර්ජුන් ඇලෝසියස් විසින් හිටපු ඇමති රවි කරුණානායකට කොළඹ තමනට අයත් මොනෑෂ් සුපිරි නිවාස සංකීර්ණයේ නිවසක් ලබා දුන් බව ඇය බැදුම්කර කොමිසම හමුවේ සාක්‍ෂි දෙමින් පැවසීය.

No comments:

Post a Comment

Post Bottom Ad