එන ඡන්දෙන් ශ්‍රිලනිපය 3 වී පොහොට්ටුව 1ට ආවත් බලය නොදි අපි එජාපය එක්ක පුංචි ආණ්ඩු පිහිටුවනවා..- අමරවීරගේ කතාවෙන් ශ‍්‍රීලනිපය කැළඹේ.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, October 8, 2017

එන ඡන්දෙන් ශ්‍රිලනිපය 3 වී පොහොට්ටුව 1ට ආවත් බලය නොදි අපි එජාපය එක්ක පුංචි ආණ්ඩු පිහිටුවනවා..- අමරවීරගේ කතාවෙන් ශ‍්‍රීලනිපය කැළඹේ..

ඉදිරියේදී පැවත්වෙන මැතිවරණයකදි ශ්‍රීලංකා නිදහස් පක්ෂයට හිමිවන්නේ 3 වන තැන බව එක්සත් සංධාන මහා ලේකම් මහින්ද අමරවීර අමාත්‍යවරයා ඊයේ රත්නපුර නගරයේදී ඉගි පල කලේය. එහිදි හෙතෙම පැවසුවේ එදා සිරිමා බණ්ඩාරනායක මැතිනිය සමයේදිත් එසේ ශ්‍රිලනිප මැතිවරණවලදි 3 වන තැනට වැටුණු බවයි.

ඒත් කෙසේ හෝ එජාපයේ සහය ලබාගෙන පලාත් පාලන සහ පලාත් සභාවල හවුල් ආණ්ඩු පිහිටුවා එහි සභාපති ධූරය ශ්‍රිලනිප කණ්ඩායමට ලබා ගන්නා බවත් උප සභාපති ධූරය එජාපයට ලබාදීමට කටයුතු කරන බවට හැගවෙන කතාවක් කලේ ය. මෙසේ සංධාන ලේකම් ප්‍රකාශ කරන අවස්ථාවේ ශ්‍රිනිප ජේෂඨ නියෝජ්‍ය සභාපති නිමල් සිරිපාල ද සිල්වා අමාත්‍යවරයා මෙන්ම ජෝන් සෙනෙවිරත්න අමාත්‍යවරයාද මුලසුනේ සිටි අතර මේ සම්බන්ධව එයට සහභාගි වු පිරිස මෙන්ම ඔහුන් ද විමතිය පල කලේ ය.

රැස්වීම අවසානයේ රත්නපුර ශ්‍රිලනිප ප්‍රදේශීය නායකයින් ඇමති දෙපල වටකරගෙන විමසුවේ “අපි යූඑන්පී කාරයෝත් එක්ක නගර සභා ප්‍රාදේශිය සභා පිහිටුවීමට නම් මොකටද අපි ශ්‍රීලංකා නිදහස් පාක්ෂයෙන් තරග කරන්නේ, UNP එකට බලය අරන් දීලා සභාපති කම් ගන්න එක මොන පවාදීමක් ද ඊට වඩා හොදයි ආත්ම ගෞරුත්වය තියාගෙන මහින්ද මහත්තයාගේ පොහොට්ටුවෙන් ඉල්ලනවා නැත්නම් අපි ඡන්දයට ඉදිරිපත් නොවි නිකම්ම ඉන්නවා” යන්න යි.

කෙසේ හෝ සංධාන ලේකම් මහින්ද අමරවීර අමාත්‍යවරයාගේ ප්‍රකාශය ගැන පක්ෂයේ ජේෂඨයින් දෙදෙනා මුණු මුණු ගෑ අතර එක් ජේෂඨයෙක් පැවසුවේ “අපරාදේ අමරවීරයා කට වරද්දා ගත්තා නේ මොන මෝඩයා ද පස්සේ කරන වැඩේ කියන්නේ” මගේ නම් කවුරුත් ආයේ ඡන්දය ඉල්ලන්නේ නැහ, මමත් ඉල්ලන්නේ නැහ ඔහේ ඉන්නකම් මෙහෙම ඇමතිකමේ ඉන්නවා කියලායි.

වීඩියෝව මෙතනින්

No comments:

Post a Comment

Post Bottom Ad