මෛත‍්‍රීට මහින්ද පරදී.. මෛත‍්‍රිගේ වියදම දිනකට කෝටි තුනයි.. 2018 අයවැය ජනාධිපති වැය ශීර්ෂය මෙන්න.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, October 16, 2017

මෛත‍්‍රීට මහින්ද පරදී.. මෛත‍්‍රිගේ වියදම දිනකට කෝටි තුනයි.. 2018 අයවැය ජනාධිපති වැය ශීර්ෂය මෙන්න..

2014 මෙරටේ විධායක ජනාධිපතිවරයා නඩත්තු කිරිමට අයවැයෙන් රුපියල් මිලියන 9000 ක් වෙන් කල අතර 2015 සඳහා රුපියල් මිලියන 9600 වෙන් කරන ලදි. Link

යහපාලන රජයේ පලමු අන්තර්කාලින අයවැය ඉදිරිපත් කරමින් 2015 ජනවාරියේ දි එවකට සිටි යහපාලන මුදල් ඇමති රවි කරුණානයක් පැවසුවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අරලියගහ මන්දිරයේ දන්සැල් දැමීමටත් හා ජනාධිපති උපදේශකයන් විශාල කණ්ඩායමක් ඇතුළු ජනාධිපති කාර්යාලය සහ කොටුව ජනාධිපති මන්දිරයේ නඩත්තුවට මෙසේ විශාල ජනතා මුදලක් නාස්ති කරන බවත් එහෙත් මෛත්‍රීපාල සිරිසේන වැනි සරල ජනාධිපතිවරයෙකු නඩත්තු කිරිමට 2015 වසර සඳහා එම මුදල රුපියල් මිලියන 2560 දක්වා අඩු කල බවයි. Link

එහෙත් අහෝසි කරනවා කියු විධායක ජනාධිපති ධූරය වෙනුවෙන් 2018 වසර සඳහා ජනාධිපතිවරයා නඩත්තු කිරිමට රුපියල් මිලියන 9,984 ක් අයවැයෙන් වෙන් කොට ඇති බැව් සන්ඩේ ටෛම්ස් පුවත්පත වාර්තා කොට ඇත. එමෙන්ම නිව්ස් ෆස්ට් වෙබ් අඩවිය ද එය මෙසේ වාර්තා කොට ඇත. Link

එසේ නම් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට විශාල ආරක්ෂාව පිලිබඳ තර්ජනයක් තිබියදි මෙන්ම ඔහු අරලියගහ මන්දිරයේ රැදි සිටිමින් දිනපතා ජනතාව එහිදි මුණගැසී ඔහුනට සංග්‍රහ පානය සඳහා ද වෙන්කල මුදලටත් වඩා වැඩි මුදල් ප්‍රමාණයක් 2018 වසරේ දි ජනාධිපති නඩත්තු කිරිමට වෙන් කර ඇත.

එමෙන්ම මිට අමතරව ජනාධිපතිවරයා යටතේ ඇති ආරක්ෂක අමාත්‍යාංශයට රුපියල් මිලියන 290,700 ක් ද මහවැලි සහ පරිසර අමාත්‍යාංශයට රුපියල් මිලියන 45,600 ක් ද ජාතික ඒකාබද්ධතා හා ප්‍රතිසංධාන අමාත්‍යාංශයට රුපියල් මීලියන 2,700 ක් ද ඇතුලුව මිලියන තුන් ලක්ෂ පනස් අට දාහස් නවසීය හැට අටක් (358,968) ක් හෙවත් බිලියන 359 ක් වෙන් කොට ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad