චමල් ඇතුලු ශ‍්‍රීලනිප ප‍්‍රබල බල කණු 04ක් ඉවතට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, October 15, 2017

චමල් ඇතුලු ශ‍්‍රීලනිප ප‍්‍රබල බල කණු 04ක් ඉවතට

ඒකාබද්ධ විපක්‍ෂයේ කටයුතු කරන ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ ප්‍රබල පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සිව්දෙනකු මෙම සතියේදී ආසන සංවිධායක ධුරවලින් ඉවත් කිරීමට සූදානම් වන බව වාර්තා වෙයි.

චමල් රාජපක්‍ෂ, විදුර වික්‍රමනායක, රංජිත් ද සොයිසා හා අරුන්දික ප්‍රනාන්දු යන මන්ත‍්‍රීවරුන් මෙලෙස පක්ෂයෙන් ඉවත් කරන බව එම වාර්තා සදහන් කරන අතර ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ ප්‍රතිසංවිධාන වැඩපිළිවෙළට සහය නොදැක්‌වීම, පළාත් පාලන මැතිවරණයෙන් ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය ජයග්‍රහණය කරවීම සඳහා ශාඛා සමිති ආසනවල පිහිටුවමින් නාමයෝජනා ලැයිස්‌තු සකස්‌ නොකිරීම සහ පොදුජන පෙරමුණ දිනවීම සඳහා කටයුතු කිරීම මෙම මන්ත්‍රීවරුන්ට එල්ල වී ඇති ප්‍රධාන චෝදනාව වේ.

විදුර වික්‍රමනායක මන්ත්‍රීවරයා අසනීප තත්ත්වයෙන් පසුවීමත්, චමල් රාජපක්‍ෂ මහතා තමන් කිසිදාක පක්‍ෂය හැර නොයන බවට ජනාධිපතිවරයාට ප්‍රකාශ කර තිබීමත් නිසා ආසන සංවිධායක තනතුරුවලින් ඉවත් කිරීම ප්‍රමාද වූ බව ද එම වාර්තා වැඩිදුරටත් සදහන් කරයි.

No comments:

Post a Comment

Post Bottom Ad