මස්කෙළිය ප‍්‍රදේශයේ වතු පාසලක සිසුන් බිය ගන්වයි… සැකකරුවන් සොයා පුලුල් පරික්‍ෂණයක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, September 13, 2017

මස්කෙළිය ප‍්‍රදේශයේ වතු පාසලක සිසුන් බිය ගන්වයි… සැකකරුවන් සොයා පුලුල් පරික්‍ෂණයක්

OLWA

හැටන් කලාප අධ්‍යාපන කාර්‍යාලය යටතේ පාලනය වන මස්කෙළිය මොන්ටිෆෙයාර් වතු පාසලට පැණෙමින් සිටි සිසු සිසුවියන් පිරිසක් මුහුණ ආවරණය කරගත් තිදෙනෙකු විසින් උල් ආයුධ ඇතිව පැමිණ එම සිසුන්ව බිය ගැන්වුයේ යැයි කියන සිද්ධියක් සමිබන්ධයෙන් මස්කෙළිය පොලිසිය පුලුල් පරික්‍ෂණයක් ආරමිභ කර ඇති බව මස්කෙළිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්‍ෂණ ටිරෝන් රත්නායක මහතා පැවසුවා.

අද (13.09) උදැසන 7.45ට පමණ එම පාසලට පැමිණෙමින් සිටි සිසුවියන් පිරිසක් ඉදිරියට පැමිණියේ යැයි කියන එම තිදෙනා බිය ගැන්වුවා යැයි පවසමින් එම පාසල දහවන වසරේ ඉගෙනුම ලබන සිසුවියන් අටදෙනෙකු හා සිසුන් තිදෙනෙක් මස්කෙළිය ප‍්‍රාදේශීය රෝහලට ඇතුල්වි නේවාසිකව ප‍්‍රතිකාර ලබනවා. එම සිසුන් බිය වි ඇති බවත් ඔහුන්ට වෙනත් කිසිදු ශාරීරක පිඩාවක් සිදු නොවි ඇති බව මස්කෙළිය රෝහලේ දිස්ති‍්‍රක් වෛද්‍ය නිළධාරිවරයා කියා සිටිනවා.

මෙම සිද්ධියත් සමග එම වතුයාය පුරා ගී‍්‍රස් යකෙකු සමිබන්ධයෙන් බියක් මතුවි තිබෙනවා.

හැටන් රංජිත් රාජපක්ෂ 

20170913_090151 20170913_090224 20170913_090338 20170913_090440 20170913_090447  

No comments:

Post a Comment

Post Bottom Ad