මහින්ද ,ඒකාබද්ධ විපක්ෂය ජාතියෙන් සහ ජනතාවගේ සමාව ගත යුතුයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, September 13, 2017

මහින්ද ,ඒකාබද්ධ විපක්ෂය ජාතියෙන් සහ ජනතාවගේ සමාව ගත යුතුයි..

PHARISON

පසුගිය ජනාධිපතිවරණයේදී තම අරමුණු ඉටු කර ගැනීම සඳහා ජනතාවගේ මුදල් අනිසි ලෙස භාවිත කිරීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇතුළු ඒකාබද්ධ විපක්ෂ නඩය ජාතියෙන් සහ ජනතාවගේ දෙපතුල ළඟ දණින් වැටී සමාව ගත යුතු බව ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍ය පී. හැරිසන් පවසයි.

අනුරාධපුරයේ පිහිටි අමාත්‍යවරයාගේ කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදි අමාත්‍යවරයා සදහන් කළේ.....

මේ සිල් රෙදි බෙදුවේ මැතිවරණ සමයේදී එය නීති විරෝධී ක්‍රියාවක් නිසා මැතිවරණ කොමසාරිස්වරයා ගිහින් ස්ථාන ගණනාවකදී සිල් රෙදි බෙදීම නතර කිරීමට පියවර ගත්තා. නීති විරෝධී ආකාරයට සිල් රෙදි බෙදලා, වැරදුණාට පස්සෙ එතුමා දැන් කියනවා තමන් බෞද්ධයන් වෙනුවෙන් පෙනී සිටිය කියලා. එතුමා බෞද්ධයන් වෙනුවෙන් පෙනී සිටියේ නෑ. එහෙම නම් එතුමාට මුස්ලිම් සහ දෙමළ ජනතාවත් ඡන්දෙ දුන්නනේ? එහෙම නම් එම ජාතීන් වෙනුවෙනුත් එතුමාට පෙනී හිටින්න තිබුණනේ.

මහින්ද රාජපක්ෂ මහත්තය රජයේ මුදල්වලින් තමන්ගේ පටු අරමුණු ඉටුකර ගැනීමයි හැමදාමත් කළේ. දැන් මේ සිල් රෙදි බෙදීමේ චෝදනාවට සිර දඬුවම් විඳින නිලධාරීන්ට තිබුණා අපට මේක කිරීමට හැකියාවක් නෑ කියලා හිටපු රජයේ නායකයන්ට කියන්න. එහෙම නොකියා චෝදානවට ලක්වූ එම නිලධාරීනුත් බොහොම කැමැත්තෙන්නේ ඒ දේ කළේ. එහෙම නම් වැරදි කළ නිලධාරීන් ඒවාට දඬුවම් විඳින්න ඕන. මේ නඩු තීන්දුව ආණ්ඩුවෙන් දීපු තීන්දුවක් නෙවෙයි. ඔවුනට එල්ල වූ චෝදනා පිළිබඳව හොඳට සොයා බලා විභාග කර තීන්දුව දී තිබෙන්නේ. ඒ නිසා අපිට ඒකට අභියෝග කරන්න බෑ.

No comments:

Post a Comment

Post Bottom Ad