ගෝල්ෆේස් එකේ අශෝභන ලෙස හැසිරුණු සිසුවා හා මොන්ටිසෝරි ගුරුවරිය අත්අඩංගුවට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, September 13, 2017

ගෝල්ෆේස් එකේ අශෝභන ලෙස හැසිරුණු සිසුවා හා මොන්ටිසෝරි ගුරුවරිය අත්අඩංගුවට


ඊයේ (11) කොළඹ ගාලු මුවදොර පිටියේ අශෝභන ලෙස හැසිරුණු උසස් පෙළ සිසු තරුණයෙකු හා මැදිවියේ කාන්තාවක පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. තරුණයා වයස අවුරුදු 18ක සිසුවෙකු වන අතර කාන්තාවගේ වයස අවුරුදු 44 කි.

ඇය පෙර පාසල් ගුරුවරියක් බවත් එක් දරු මවක බවත් ප්‍රශ්න කිරීමේදී අනාවරණය වී තිබේ. මෙම දෙදෙනා අවට සිටි පිරිස් ඇස් අදහාගත නොහැකි ලෙස ප්‍රසිද්ධියේ අඹු සැමි ආකාරයේ සබඳතා පවත්වමින් සිටි බවත් අශෝභන ලෙස හැසිරෙන වරද දුටු රාජකාරියේ නියුතු පොලිස් නිලධාරීන් කණ්ඩායමක් මෙම දෙදෙනාව ප්‍රශ්න කිරීමට ලක්කර අනතුරුව අත්අඩංගුවට ගෙන ඇති බවත් වාර්තා විය.

දෙදෙනා අතර කාලයක් තිස්සේ අනියම් සබදතාවක් තිබී ඇති බවද අනාවරණය වි ඇත.දෙදෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

No comments:

Post a Comment

Post Bottom Ad