අරුන්දිකට යළිත් ඇමතිකමක් ලැබෙන ලකුණු - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, September 13, 2017

අරුන්දිකට යළිත් ඇමතිකමක් ලැබෙන ලකුණු

සංචාරක සංවර්ධන හා ක‍්‍රිස්තියානු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ධුරයෙන්  ඉවත්කරනු ලැබූ අරුන්දික ප‍්‍රනාන්දු මහතාට අද හෙටම වෙනත් නියෝජ්‍ය අමාත්‍ය ධුරයක් හිමිවන බවට අද පෙරවරුවේ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැති උත්සවයක නිපුණතා සංවර්ධන හා වෘත්තිය පුහුණු අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා ඉඟියක් පළ කළේය.
ඔරුගොඩවත්ත මෝටර් රථ ඉංජිනේරු අභ්‍යාස ආයතනයේ නව ගොඩනැගිලි සංකීර්ණය අද පෙරවරුවේ විවෘත කෙරුණේ ජනාධිපතිවරයා අතිනි. අරුන්දික ප‍්‍රනාන්දු මන්ත‍්‍රීවරයා ද එම උත්සව සභාවට සහභාගි වී සිටි අතර ජනාධිපතිවරයා සමඟ සුහද කතාබහක ද නියැලී සිිටියේය. ඔහුගේ පැමිණීම පිළිබඳව උත්සව සභාව ද විමතියට පත්ව සිටියේය. 
එහි දී ජනාධිපතිවරයා උත්සව සභාව ඇමතුයේ නැත.  උත්සව සභාව ඇමතූ ප‍්‍රධාන කථිකයා වූයේ චන්දිම වීරක්කොඩි අමාත්‍යවරයාය. ඔහු සභාවෙන් අවසර ගන්නා අවස්ථාවේ අරුන්දික ප‍්‍රනාන්දු මහතා හැඳින්වූයේ ‘‘ ඊයේ නියෝජ්‍ය ඇමති, අද මන්ත‍්‍රී , හෙට ආයෙත් නියෝජ්‍ය ඇමති’’ යනුවෙනි.
අරුන්දික - ජනපති හමුවක්
සංචාරක ප්‍රවර්ධන හා ක්‍රිස්තියානි කටයුතු නියෝජ්‍ය අමාත්‍යධුයෙන් ඉවත්කළ අරුන්දික ප්‍රනාන්දු මහතා හා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර හමුවක් අද (13දා) ජනපති නිල නිවසේදී සිදුව තිබේ. අරුන්දික ප්‍රනාන්දු මහතා නියෝජ්‍ය අමාත්‍යධුරයෙන් ඉවත් කිරීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (12දා) කටයුතු කළේය. තමා අමාත්‍යධුරයෙන් ඉවත් කළත් පක්ෂය හැර නොයන බව අරුන්දික ප්‍රනාන්දු මහතා මෙහිදී ජනපතිවරයාට පවසා ඇති බව වාර්තා වෙයි.

No comments:

Post a Comment

Post Bottom Ad