බන්ධනාගාර රෝහ‍ලේ තිබි ජංගම දුරකථන 2 ක් මාට්ටු - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, September 13, 2017

බන්ධනාගාර රෝහ‍ලේ තිබි ජංගම දුරකථන 2 ක් මාට්ටු

MOBIL

බුද්ධි අංශ නිලධාරීන් ඊයේ (12) බන්ධනාගාර රෝහ‍ලේ කළ හදිසි පරීක්ෂාවේදී ජංගම දුරකථන 2 ක් සහ සිම්පත් 2 ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, පුනරුත්ථාපන හා නැවත පදිංචි කිරීම් හා හින්දු ආගමික කටයුතු අමාත්‍ය ඩී. එම්. ස්වාමිනාදන්ගේ නියෝගයට අනුව මෙම හදිසි වැටලීම සිදුකර ඇති අතර අදාළ දුරකථන කවුරුන් භාවිත කළේ ද යන්න ඉදිරි පරීක්ෂණවලින් සොයා බලා එයට සම්බන්ධ නිලධාරීන්ට හා රැඳවියන්ට තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන ලෙසද අමාත්‍යවරයා නියෝග කර තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad