නොතිබු ජයක් හිමිකර දුන් විස්මිත අවසන් පන්දුවාරය:සංගාගේ ජැමෙයිකා කණ්ඩායම තවත් ජයක් (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, August 18, 2017

නොතිබු ජයක් හිමිකර දුන් විස්මිත අවසන් පන්දුවාරය:සංගාගේ ජැමෙයිකා කණ්ඩායම තවත් ජයක් (VIDEO)

කැරිබියන් ප‍්‍රිමියර් ලීග් තරගාවලියේ කුමාර් සංගක්කාර නායකත්වය දරන ජැමෙයිකා තලාවාස් කණ්ඩායම හා ගයානා වොරියර් කණ්ඩායම අතර පැවති තරගයෙන් ලකුණු 2ක තියුණු ජයක් ලැබීමට ජැමෙයිකා කණ්ඩායම සමත් වුනා.

ගයානා කණ්ඩායමේ ඇරයුමෙන් පළමුව පන්දුවට පහරදුන් ජැමෙයිකා කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස තුළදී කඩුලු 07ක් දැවී ලකුණු 128ක් ලබා ගත් අතර එහිදී කුමාර් සංගක්කාරට ලබා ගත හැකි වුයේ ලකුණු 05ක් පමණි. ජයග‍්‍රහණය සදහා ලකුණු 129ක පහසු ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ගයානා කණ්ඩායමට නියමිත පන්දුවාර 20 තුළ ලබාගත හැකි වුයේ ලකුණු 126ක් පමණි.


තරගයේ 19වන පන්දුවාරය වනතෙක් තරගයේ සියලු ගෞරව දිනා සිටි ගයානා කණ්ඩායමට ජයග‍්‍රහණය සදහා අවසන් පන්දුවාරයේ කඩුලු 08ක් අතැතිව අවශව තිබුණේ ලකුණු 08ක් පමණි. එහෙත් විශිෂ්ට පන්දු යැවීමට නිරත වු කෙස්රික් විලියම්ස් සිය අවසන් පන්දුවාරයේදී ලකුණු 05ක් පමණක් ලබාදෙමින් නොතිබු ජයක් හිමිකර දීමට සමත් විය.


No comments:

Post a Comment

Post Bottom Ad