මත්තල ගුවන් තොටුපළ ඉන්දියාවට

මත්තල ගුවන් තොටුපළ ඉන්දියානු ආයෝජකයකුට බදුදීම සඳහා මේ වනවිට සාකච්ඡා ආරම්භ කර ඇති බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය ඇමැති අශෝක අබේසිංහ මහතා පැවැසීය. ඉන්දියානු ආයෝජකයා සහ රජය අතර පවත්වන එම සාකච්ඡා ඉතා සාර්ථකත්වයට පැමිණ ඇති බව හෙතෙම කීය. 

ඇමැතිවරයා වැඩිදුරටත් මෙසේ ද පැවැසීය. මාසයකට ණය ගෙවන්න ලක්‌ෂ 3000 ක්‌ ''මත්තල ගුවන් තොටුපළේ මාසයක ආදායම ලක්‌ෂ 40 යි. වියදම ලක්‌ෂ 250 යි. දවසකට එන්නේ ගුවන් යානා 3 යි. මාසයකට ණය ගෙවන්න ලක්‌ෂ 3000 ක්‌ වැයවෙනවා.'' අවුරුද්දකට රුපියල් කෝටි 360 ගාණේ අවුරුදු අටක්‌ රජය ණය ගෙවිය යුතුයි යෑයිද හෙතෙම පැවැසීය.

මත්තල ගුවන් තොටුපළ හදන්න රුපියල් කෝටි 4000 ක්‌ පමණ රාජපක්‍ෂ ආණ්‌ඩුව වැයකර ඇතැයිද රජයට තවදුරටත් මෙම ණය කන්ද උස්‌සාගෙන යැමට නොහැකි යෑයිද හම්බන්තොට වරාය මෙන් මත්තල ගුවන් තොටුපළ ද විදේශ ආයෝජකයෙකුට ළඟදීම ලබා දෙන බවද ඇමැතිවරයා පැවැසීය.


Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment