පාතාල නායක මාකදුරේ මහේෂ්ගේ මීළඟ බිල්ල මෙන්න! - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, August 20, 2017

පාතාල නායක මාකදුරේ මහේෂ්ගේ මීළඟ බිල්ල මෙන්න!

ඩුබායි හි සිට මෙරට පාතාලය මෙහෙයවනු ලබන මාකඳුරේ මධුෂ් විසින් පාතාල නායකයෙකු බව පැවසෙන දෙමටගොඩ චමින්ද නොහොත් චමින්ද ජයනාත්ව අධිකරණ භූමියේදී ඝාතනය කිරීමට කළ සැලැසුමක් හෙළිකර ගැනීමට පෑලියගොඩ විශේෂ විමර්ශන ඒකකය සමත්ව තිබේ. දෙමටගොඩ චමින්ද හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඝාතනය කිරීමේ සිද්ධියේ තෙවැනි සැකකරුවා වූ අතර ඔහුට මේවන විට මහාධිකරණයෙන් මරණ දඬුවම ලබාදී තිබේ. 

ඉකුත් 12 වැනිදා මීගමුව ඉන්ද්‍රාට්‍රේඩර්ස් ආසන්නයේදී වෑන් රථයක ආයුධ සන්නද්ධව ගමන් ගනිද්දී අත්අඩංගුවට ගත් රාගම චරිත නැමැත්තාගේ ඥාතීන්ගේ හැසිරීම් නිරීක්ෂණය කිරීම මගින් අදාළ ඝාතන සිද්ධිය පිළිබඳ තොරතුරු හෙළිව ඇත. රාගම චරිත කුඩු ලාලිත නැමැත්තාගේ ළඟම ගෝලයා වන අතර ඔහු 2013 වසරේදී හෙරොයින් පාර්සලයක් සමඟ පොලීසියට කොටුවූ අයෙකි.

සිද්ධිය සැකෙවින් මෙසේය.

පසුගිය අඟහරුවාදා පෑලියගොඩ විශේෂ විමර්ශන ඒකකයට තොරතුරක් ආවේය. ඒ රාගම චරිත නැමැත්තාගේ නිවසට පිරිසක් පැමිණ පාර්සලයක් රැගෙන ගිය බවය. ඒ අනුව පෑලියගොඩ පොලීසිය ක්‍රියාත්මකව ගොස් පාර්සලය ගන්නට පැමිණි යුවල අත්අඩංගුවට ගත්තේය. අත්අඩංගුවට ගත් අය චරිතගේ නිවසින් රුගෙන ගිය පාර්සලය පරීක්ෂා කළේය. පාර්සලය පරීක්ෂා කරන විට පාර්සලයේ තිබුණේ පොලිස් පරීක්ෂකවරයකුට අයත් ඇඳුමකි. 


පොලිස් තරු ඇඳුමේ පමණක් නොව තරු තවත් පාර්සලයක්ද විය. එසේම සැකකරුවන් ගමන්ගත් වාහනයේ තිබී ටී 56 ගිනි අවියක්ද සොයා ගත්තේය. කෙසේ වෙතත් සැකකරුවන්ගේ ප්‍රකාශ මත හෙළිවුණේ පොලීසියට පවා අදහාගත නොහැකි තොරතුරකි. එනම් ඩුබායි රාජ්‍යයට පැන සිටින මදූෂ් කොළඹ පාතාලයේ මහකෙරුමෙකු වන දෙමටගොඩ චමින්ද ඝාතනය කිරීමට සැලැසුම්කර ඇති බවයි. මේ ඝාතනය අධිකරණ භූමියේදී සිදු කිරීමට සැලැසුම් කර ඇති බවද ඔවුන් හෙළිකර තිබිණි.

No comments:

Post a Comment

Post Bottom Ad