"රාත්‍රීයේ ගමන් යන්නේ බලා ගෙනයි - මහ රෑට බටහිර චිත්‍රපට ජවනිකා රඟමින් පාරවල් වල රේස් " - ජිවීත රැසක් අනතුරේ .! - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, August 20, 2017

"රාත්‍රීයේ ගමන් යන්නේ බලා ගෙනයි - මහ රෑට බටහිර චිත්‍රපට ජවනිකා රඟමින් පාරවල් වල රේස් " - ජිවීත රැසක් අනතුරේ .!

මහමග ගමන් කරන පදිකයන් හා අනෙකුත් වාහන වල ගමන් කරන්නන්ගේ ජිවීත අනතුරේ හෙළා ශ්‍රී ලංකාවේ සිදුවන නිතී විරෝධී මෝටර් ‍රථ ධාවන තරග පිළිබදව විටින් විට අසන්නට ලැබුනා.

ඊයේ රාත්‍රීයේ සිදුවූ මෙවැනි නිතීවිරෝධී මාර්ග රේස් තරගයක් පිළිබදව වාර්තා වෙනවා. ඊයේ රාත්‍රී රාත්‍රී 9ත් 10ත් අතර පැවැත්වූ මෙම රේස් තරඟය ආරම්භ වී ඇත්තේ මහනුවරින් වන අතර ගමනාන්තය වී ඇත්තේ මහියංගනයයි. ප්‍රදේශවාසීන් විසින් මෙම රේස් තරගයේ දර්ශන විඩීයෝගත කර ඇති අතර  මහනුවර මහියංගන ප්‍රධාන මාර්ගය ඔස්සේ පැමිණ උඩදුම්බරින් මඩුගල්ල දෙසට ඇති අතුරු මාර්ගයට හරවා ගමන් කරන විට මෙම දර්ශන බොහෝමයක් ලබාගෙන තිබේ. 


උඩදුම්බර පසුකරනවාත් සමඟම මෙම අතුරු මාර්ගය අධික ලෙස වංගු සහ පල්ලම් වලින් සමන්විත එක් වාහනයකට පමණක් යාන්තමින් යා හැකි පටු පාරක් බවට  පත්වේ. එමෙන්ම මෙම තරඟයේ ගමන් මාර්ගයට අනතුරුදායක  18 වංගුවද ඇතුලත්. අනතුරුදායක මාර්ගයක මහා මාර්ගවල ගමන් කරන්නන්ගේ ජීවිත අනතුරේ හෙළා විනෝද වීමට මෙවැනි තරග සංවිධාණය කර ඇත්තේ කවුරුන්දැයි තවමත් හෙළිව නැහැ.

පහ ශ්‍රේණීය ශිෂ්‍යත්වය පැවැත්වීමට පෙර දින රාත්‍රීයේ මහ හඬ නංවා ගමන් කළ මෙම වාහන ප්‍රදේශ වාසීන්ට හා විභාගයට පෙනී සිටීමට නියමිත දරුවන්ට කෙතරම් පීඩාවක් වන්නට ඇත්ද ? මින් අනතුරුව හෝ මෙවැනි සිදූවීම් වලින් මහ මඟ ගමන් ගන්නන්ගේ ජීවීත ආරක්ෂා කිරීම පොලීසියේ වගකීම බව විශේෂයෙන්ම නෙත් ගොසිප් අපි සදහන් කර සිටිමු.

සිදුවීමට අදාළ වීඩියෝව පහතින් - විඩීයෝව සදහා අනුග්‍රහය මාධ්‍යවේදීයා ෆේස්බුක් පිටුව


 

No comments:

Post a Comment

Post Bottom Ad