විශ්වාසභංගයට කළින් රවී ඇමැති ධූරය හැරයයි? - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, August 7, 2017

විශ්වාසභංගයට කළින් රවී ඇමැති ධූරය හැරයයි?

විශ්වාසභංගයට කළින් රවී ඇමැති ධූරය හැරයයි?
බැඳුම්කර සිද්ධියේදී කියවෙන රවී කරුණානායක මහතා සම්බන්ධයෙන් තීන්දුවක් ගත යුතු බව එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් අගමැතිවරයා සමග කථා කර ඇති බව ධීවර හා ජලජ සම්පත් අමාත්‍යය මහින්ද අමරවීර මහතා පවසයි. ඔහු මේ බව පැවසූවේ කල්පිටිය - කීරමුන්දල් දූපතේ ඉදිකරන නව නිවාස යෝජනා ක්‍රමයේ වැඩ කටයුතු ආරම්භ කිරීමට පැමිණි අවස්ථාවේදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්ණ වලට පිළිතුරු ලබා දෙමිනි.

එහිදී අමාත්‍යවරයා මෙසේද පැවසී ය.

“බැඳුම්කර සිද්ධියේදී කියවෙන රවී කරුණානායක මහතා සම්බන්ධයෙන් තීන්දුවක් ගත යුතු බව එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් අගමැතිවරයා සමග කථා කර ඇති බව දැන ගන්නට තිබෙනවා.ඇතැම් අය කියනවා විශ්වසභංග යෝජනාවක් ගෙන එන බව.මම හිතන්නේ නැහැ කිසිවෙකුට විශ්වාස භංග යෝජනාවක් ගෙන එන්න සිද්ධ වෙයි කියලා මොකද ඊට පෙර සිදු විය යුතු දේ සිදු වේවි. බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් මුලින්ම පැමිණිල්ල කළේ මම.අද නම් අයිතිකාරයෝ ගොඩාක් ඉන්නවා. ඒත් මුල් පැමිණිලිකරු මම බව කියන්න ඕනේ.පළාත් පාලන මැතිවරණය මේ වසර අවසන් වීමට පෙර පැවැත්වීම තමයි අපේ අදහස. ඒ සඳහා තමයි දැන් සෑම සති අන්තයකම රට පුරා ආසනයෙන් ආසනයට ගිහිං අවශ්‍යය කටයුතු සංවිධානය කරන්නේ.“

No comments:

Post a Comment

Post Bottom Ad