මත්තල ගුවන්තොටුපළෙහි මෙහෙයුම් කටයුතු ඉන්දියාවට! - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, August 12, 2017

මත්තල ගුවන්තොටුපළෙහි මෙහෙයුම් කටයුතු ඉන්දියාවට!

පාඩු ලබමින් පවත්වාගෙන යන මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළ හවුල් ව්‍යාපාරයක් ලෙස පවත්වාගෙන යාම සඳහා ඉන්දියානු රජයෙන් කැමැත්ත පල වී තිබේ. 

මත්තල, රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහි වාණිජ ගුවන් සේවා, ගුවන් යානා නඩත්තුව, අලුත්වැඩියාව, පියාසර පාසල් මෙන්ම මෙහෙයුම්, කළමනාකරණය, නඩත්තුව හා සංවර්ධනය යන අංශ කෙරෙහි මෙහිදී අවධානය යොමු කෙරේ. මෙම යෝජනාව සම්බන්ධයෙන් වැඩිදුරටත් අධ්‍යයනය කිරීම සඳහා ජ්‍යෙෂ්ඨ, අමාත්‍යාංශ ලේකම්වරුන්‍ කිහිපදෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පත් කිරීමට නියමිත වේ. 

මත්තල ගුවන්තොටුපළේ 2016 දෙසැම්බර් 31 දින වන විට පාඩුව ඇමරිකානු ඩොලර් මිලියන 112.9ක් (රුපියල් මිලියන 15,600ක්) වේ. මෙම ගුවන්තොටුපළ රාජ්‍ය-පෞද්ගලික හවුල් ව්‍යාපාර ආකෘතිය යටතේ ඉහළ ආදායම් ලබන ගුවන්තොටුපළක් බවට පත් කිරීමේ අරමුණින් එම ගුවන්තොටුපළෙහි ගුවන් සේවා හා සම්බන්ධ ව්‍යාපාර සදහා ආයෝජකයින්ගෙන් යෝජනා කැඳවා තිබුණි.

No comments:

Post a Comment

Post Bottom Ad