ස්විස් කුමාර්ගේ පොර්න් සීරීස් එකේ - පස්වෙනි වෙළුම විද්‍යාලු - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, August 13, 2017

ස්විස් කුමාර්ගේ පොර්න් සීරීස් එකේ - පස්වෙනි වෙළුම විද්‍යාලු

ආන්දෝලනයට තුඩුදුන් යාපනය විද්‍යා සිසුවිය දූෂණ වීඩියෝ සිදු කර ඝාතනය කිරීමේ චෝදනාවේ ප්‍රධාන සැකකරු වන මහාලිංගම් ශශීකුමාර් හෙවත් ස්විස් කුමාර් විසින් සමූහ දූෂණ අඩංගු වීඩියෝ පට හතරක් හෝ පහක් නිෂ්පාදනය කර අන්තර්ජාලයෙහි අලෙවි කර ඇති බව මේ වනවිට වාර්තා වේ. 

මින් ඉහත වීඩියෝ සඳහාද යාපනය ප්‍රදේශයේ කාන්තාවන් යොදවාගෙන ඇති අතර ඒ ගැන තොරතුරු හෙළිදරව් වූ අවස්ථාවන් හි දී මුදල් වැය කර සිදුවීම් යට ගසා ඇත. ස්විස් කුමාර් හසුවූ අවස්තාවේදී පළායාමට උදව් කළ බව කියන ළමා කටයුතු රාජ්‍ය ඇමතිනී විජයකලා මහේශ්වරන්ගෙන් පසුගිය සතියේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රශ්න කර තිබුණු අතර  ඇය තම දේශපාලන බලය උපයෝගී කරගනිමින් චෝදනාවන්ගෙන් නිදහස් වීමට උත්සාහ කළ බවට වාර්තා පළ විය.

මෙම කාම වීඩියෝ පට ජාවාරමට අදාළ දෙවැනියා ඊ.පී.ඩී.පී. සංවිධානයෙහි ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකි. ඔහු ප්‍රදේශයේ වැලි ජාවාරමකටද සම්බන්ධ බවට තොරතුරු ලැබී තිබේ. ඔහු තමන් ගැන තොරතුරු අන්තර්ජාලයට වාර්තා කළ බ්ලොග් කරුවෙකු මරා දැමීමේ සිද්ධියකටද සම්බන්ධ බව අනාවරණය වී ඇත.

විද්‍යා ඝාතනය හරහා දැවැන්ත පාතාල සංවිධාන ජාලයක තොරතුරු පොලිසිය සොයාගෙන තිබෙන අතර රාජපක්ෂ යුගයේදී ඊපීඩීපී දේශපලනඥයින් ඔවුන්ට රැකවරණ සැපයූ බවටද තොරතුරු හෙළිව තිබේ. විජයකලා මහේශ්වරන් සහ ඇගේ මස්සිනා වන තුවාරකේශ්වරන් ඔවුන් සමග කිට්ටු සබඳතා පවත්වා ඇත.



No comments:

Post a Comment

Post Bottom Ad