පිළියන්දල ගනේවත්ත දේවාලයේ පිංකැටවල මුදල් අතුරුදන් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, August 13, 2017

පිළියන්දල ගනේවත්ත දේවාලයේ පිංකැටවල මුදල් අතුරුදන්

පිළියන්දල ගනේවත්ත ඓතිහාසික දේවාලයේ පිංකැටවල මුදල් අතුරුදන් වන බව කියන සිද්ධීන් මුල් කර ගනිමින් ඊයේ (12) පැවති උත්සවයකදී ඇති වූ ජනතා විරෝධයත් සමග උණුසුම්කාරි තත්ත්වයක් ඇති විය.

මෙම අවස්ථාවට කැස්බෑව ආසනය නියෝජනය කරන සියලූම දේශපාලන පක්ෂ නියෝජිතයින් සහභාගි වී සිටීම විශේෂත්වයකි. ඒ අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෙන්ම පළාත් සභා නියෝජිතයන් ද සිටියහ. මෙම දේවාලයේ සංවර්ධන කමිටුවේ සභාපති හිටපු නියෝජ්‍ය අමාත්‍ය චන්දන කත්‍රීආරච්චි මහතා සමග කටයුතු කිරීමට නොහැකි බව පවසමින් එම දේවාලයේ ප්‍රධාන කපු මහතා ඉවත් වීමට තීරණය කර තිබිණි.

ඔහු ඊට හේතු ලෙස සදහන් කළේ දේවාලයේ පිං කැටවල එකතු වන මුදල් අභිරහස් ලෙස අතුරුදන්වීමයි. දේවාල භූමියට එක් රැස් වූ ප්‍රදේශයේ ජනතාව අමතමින් ප්‍රධාන කපු මහතා වන මහී වැලිවත්ත සිය ඉල්ලා අස්වීම ප්‍රකාශයට පත් කළ අතර පසුව ප්‍රදේශවාසීන් දේවාලයෙන් නොයන ලෙස ඔහුගෙන් දිගින් දිගටම ඉල්ලීම් ඉදිරිපත් කළේය.

හිටපු නියෝජ්‍ය අමාත්‍ය චන්දන කත්‍රීආරච්චි මහතා වෙනුවට දේවාල සංවර්ධන කමිටුව සදහා නව සභාපතිවරයෙකු සහ නිලධාරි මණ්ඩලයක් පත් කර ගත යුතු බවට යෝජනා විය. එහිදී හිටපු අමාත්‍යවරයෙකු සෝමවීර චන්ද්‍රසිරිගේ පවුලේ සාමාජිකයන් ද දේවාල භූමියට තමන්ට ද අයිතිවාසිකම් ඇති බව පැවසීමත් සමග උණුසුම්කාරි තත්ත්වයක් ඇති විය. කෙසේ වෙතත්, පසුව ප්‍රදේශයේ ජනතාව විසින් නව නිලධාරි මණ්ඩලයක් පත් කර ගනු ලැබීය.

No comments:

Post a Comment

Post Bottom Ad