කුසල් – දිමුත් විශිෂ්ට පිතිහරඹයෙන් ශ‍්‍රී ලංකාව යලි හිස ඔසවයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, August 5, 2017

කුසල් – දිමුත් විශිෂ්ට පිතිහරඹයෙන් ශ‍්‍රී ලංකාව යලි හිස ඔසවයි

සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ‍්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයෙ, ශ‍්‍රී ලංකා කණ්ඩායම මේ වනවිට පිට පිටම දෙවන ඉණිම සඳහා පන්දුවට පහර දීම ආරම්භ කර තිබෙනවා. ඒ, පළමු ඉණිමේ දී ලකුණු 183කට දැවී යාම හේතුවෙන්.

ඉන්දීය කණ්ඩායම පළමු ඉණිම වෙනුවෙන් කඩුලු 09ක් දැවී ලකුණු 622ක් රැස් කළා. ඒ අනුව තෙවන දිනයේ තේ පානය සදහා තරගය නතර කරන විට ශ‍්‍රී ලංකා කණ්ඩායම සිය දෙවන ඉනිම සදහා  එක් කඩුල්ලක් දැවී ලකුනු 118ක් ලබා සිටිනවා. ශ‍්‍රී ලංකා දෙවන ඉනිමේ ප‍්‍රථම කඩුල්ල ලෙස ලකුනු 2ක් ලබා සිටි උපුල් තරංග උමේෂ් යාදව්ගේ පන්දුවක් කෙලින්ම කඩල්ලේ දැවටීමෙන් දැවී ගියා.

ඉන් අනතුරුව පිටියක එක්වු කුසල් මෙන්ඩිස් දිමුත් කරුණාරත්න සමගින් නොබිදුණු ලකුණු 111ක සම්බන්ධතාවයක් පවත්වමින් ශ‍්‍රී ලංකාව වැටී තිබු අසීරු අඩියෙන් ගොඩගත් අතර එහිදී වේගවත් ඉනිමක් ක‍්‍රීඩා කල කුසල් පන්දු 68කදී ලකුණු 61ක් ලබා ගැනීමට සමත්වුනා. කුසල් ට අනගි සහයක් ලබා දුන් දිමුත් කරුණාරත්න ලකුණු 55ක් ලබා නොදැවී ක‍්‍රීඩා කරයි. ඒ අනුව, ශ‍්‍රී ලංකාව සිය දෙව ඉණිම ආරම්භ කළේ ඉන්දීය පළමු ඉණිමට වඩා ලකුණු 321ක් පිටුපසින් සිටියි.

No comments:

Post a Comment

Post Bottom Ad