විජයදාසගෙන් අද විශේෂ ප්‍රකාශයක් අස්වෙයිද නැද්ද දෙගිඩියාවක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, August 21, 2017

විජයදාසගෙන් අද විශේෂ ප්‍රකාශයක් අස්වෙයිද නැද්ද දෙගිඩියාවක්


තමන්ට එල්ල වී තිබෙන චෝදනා සම්බන්ධයෙන් අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා අද. ( 21) දහවල් බුද්ධශාසන අමාත්‍යාංශයේදී විශේෂ ප්‍රකාශයක් කර සිය ස්ථාවරය පැහැදිලි කිරීමට නියමිතය.

විජයදාස රාජපක්ෂ මහතා එජාපයේ විශ්වාසය කඩකිරීම පසුගියදා සම්මත කරගත් නමුත් ඔහුගේ ක්‍රියකලාපයට ජනපති මෛත්‍රිපාල අනුගාමික ශ්‍රිලනිප ඇමතිවරුන් කිහිපදෙනෙකු සහාය පළ කරමින් කථාකිරීම නිසා ඔහුගේ තනතුර ඉදිරියට පවතීද නැද්ද යන්න ගැන දෙගිඩියාවක් හටගෙන තිබුණි.

ඔහු සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂය දැඩි පක්ෂපාතී ස්ථාවරයක සිටියි. එජාපය විජයදාස ඇමතිවරයාගේ විශ්වාසය ප්‍රශ්නයට නැගීමෙන් පසු ඔහු පැවැත්වූ මාධ්‍ය හමු වලදී රාජිත හා රනිල් සෘජුව දැඩි දෝෂ දර්ශනයට ලක්වූ අතර යහපාලනය ගැනද විවේචන එල්ල විය. ඒ අනුව ඔහු ලබාගන්නා තීරණය කුමක්වේද යන්න පැහැදිලි නැත. මේ අතර එක්සත් ජාතික පක්ෂයෙන් පත්කළ කමිටුව සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව අමාත්‍යවරයාට අධිකරණ අමාත්‍ය ධුරයෙන් ඉවත් වෙන ලෙස දැනුම් දී ඇති බවත්, බොහෝ දුරට ඔහු අද සිය ස්ථාවරය පැහැදිලි කිරීමෙන් අනතුරුව අමාත්‍යධුර දෙකෙන්ම ඉල්ලා අස්වනු ඇති බවට ආරංචියක් පැතිර තිබේ.

 විජයදාස රාජපක්ෂ මහතා අද (21) එම ධුරයෙන් ඉල්ලා අස්වූයේ නැත්නම්, අද(21) සවස 6.00ට පැවැත්වීමට නියමිතව තිබෙන එජාප පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේ දී විජයදාස රාජපක්ෂ මහතා අමාත්‍යධුරයෙන් ඉවත් කරන ලෙස බලකිරීමට එක්සත් ජාතික පක්ෂ පසුපෙළ කටයුතු කරන බවටද ආරංචියක් තිබේ. ඉල්ලා අස්වුවහොත් අධිකරණ අමාත්‍යධුරය ජයම්පති වික්‍රමරත්න මහතාට ලබාදීමට තීරණය කර ඇති බවද වාර්තා විය.

No comments:

Post a Comment

Post Bottom Ad