දවාන් – රාහුල් ගොඩනැගූ ඉන්දියානු ඉනිම ලංකාවේ දගයන් ඉදිරියේ බිද වැටෙයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, August 12, 2017

දවාන් – රාහුල් ගොඩනැගූ ඉන්දියානු ඉනිම ලංකාවේ දගයන් ඉදිරියේ බිද වැටෙයි

සංචාරක ඉන්දීය කණ්ඩායම හා සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම අතර පල්ලෙකැලේ පිටියේ පැවැත්වෙන තෙවැනි ටෙස්ට් තරගයේ සිය ප්‍රථම ඉනිම ක්‍රීඩා කරන ඉන්දීය කණ්ඩායම පළමු දිනය අවසානයේ කඩුලු 06කට ලකුණු 329ක් රැස් කළා

දිවා ආහාරය තෙක් ඉන්දීය කණ්ඩායම එකදු කඩුල්ලක් හෝ බිඳ වැටීමකින් තොරව පන්දුවට පහරදු නමුත් දිවා ආහාරයෙන් පසුව ක්‍රියාත්මක වූ මලින්ද පූශ්පකුමාර ඉන්දීය කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් දවා ගැනිමට සමත්වුනා. ඔවුන්ගේ පළමු කඩුල්ල ලෙසින් ලෝකේෂ් රාහුල් (85) මුලු ලකුණු සංඛ්‍යාව 188 දී දැවී ගියේය. පසුව ශිකර් දවන් (117)  ලකුණු 219දී දැවී ගියේය. එම කඩුලු ද්විත්වයේම හිමිකරුවා වූයෙ මලින්දයි. 


තුන්වැනි කඩුල්ල ලෙස පුජාරා (8) මුළු ලකුණු සංඛ්‍යාව 229දී දැවී ගියේය. ඒ ලක්ෂාන් සඳකැන්ගේ පන්දුවක් හමුවේය. ඉන් අනතුරුව ලකුණු 42 ලබා සිටි නායක විරාත් කෝලි ලක්ෂාන් සදකැන්ගේ පන්දුවකට දිමුත් අතර උඩපන්දුවක් ලබා දෙමින් දැවී ගිය අතර මලින්ද එවු පන්දුවක් කෙලින්ම කඩුල්ලේ දැවටීමෙන් ලකුනු 17ක් ලබා සිටි අජින්ක්‍යා රහානේ දැවී ගියා.

තරගයේ ලකුණු පුවරුව පහතින්...



No comments:

Post a Comment

Post Bottom Ad