අගමැති රනිල් ඒකාබද්ධයේ සහය පතයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, August 7, 2017

අගමැති රනිල් ඒකාබද්ධයේ සහය පතයි

“බැඳුම්කර චෝදනාව වගේ සිය ගුණයක් සිදුවුණා 2011 – 2015 වර්ෂවල. ග්‍රීක් රටෙත් බැඳුම්කර තිබුණා. මේ ඔක්කොම ගැන අපි සොයා බලන්න ඕන. මම බලාපොරොත්තු වෙනවා මේවා කරන්න ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහයෝගය ලබාදෙයි කියලා” යැයි අගමැති රනිල් වික්‍ර‍මසිංහ මහතා පැවසිය.

අගමැතිවරයා මේ බව පැවසුවේ ඊයේ (6දා) හැටන් ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමිනි. “අපි දැන් දුෂණය ගැන හෝයාගෙන යනවා. කාටවත් දුෂණය කරන්න අපිට ඉඩ දෙන්න බෑ. ගිය ආණ්ඩුව කරපු දූෂණ ගනණාවක් අපි හොයාගෙන ගිහින් තියෙනවා. පොලීසිය සමහර එවා හොයලා නඩු දාලා තියෙනවා. අනික්වා පරික්ෂා කරගෙන යනවා. සමහර එවා නිතිපති දෙපාර්තමේන්තුවට යවල තියෙනවා. චෝදනා තියෙනවනම් හොයලා බලන්න ඕන. මහ බැංකුවේ බැදුම්කරයක් ගැන චෝදනාවක් තිබුණා.

ඉස්සෙල්ල මම අභ්‍යන්තර කමිටුවක් පත්කරා අපේ නිතිඥ මහත්වරු යටතේ.ඊට පස්සේ පාර්ලිමේන්තුවේ පොදු ව්‍යවසායක කාරක සභාවට දුන්නා. අපි ජන්දේ දින්නත් එකේ සභාපති කලේ විපක්ෂයේ මන්ත්‍රි වරයෙක්. ඒකත් විවෘත කළා. ඊට පස්සේ ජනාධිපති කොමිසම පත්කලා. කවුරුවත් විරුද්ධ වුණේ නෑ. අද කොච්චර විවෘතද කිව්වොත් ඇමතිවරු ගෙනල්ලා නිතිපති ප්‍ර‍ශ්න අහනවා.

මීට ඉස්සෙල්ලා ඔහොම වෙනවද? නිතිපති තුමා ජනාධිපතිගේ ගෝලයෙක් ඉස්ඔක ඇහුවනම් නිතිපති, නිතිපති දෙපාර්තමේන්තුවෙන් ඉවත් කරනවා. නැත්තං සුදු වෑන් එකකින් උස්සගෙන ගියා. එකක් කියනවා මේ ආණ්ඩුවට හොරුන් ආරක්ෂා කරන්න වුවමනා නෑ. ඕනම කරුණක් හෙලිවුණොත්. ඒ ගැන වාර්තා වුණොත් අපි හොයලා බලලා ක්‍රියා කරනවා. අපේ පක්ෂය හොරුන්ගේ පක්ෂයක් නෙමෙයි. හොරු ඉන්නවනම් අයින් කරනවා. ප්‍ර‍සිද්ධියේ විනිවිද භාවයෙන් කරන්න දෙනවා ඔන එකක්.”

No comments:

Post a Comment

Post Bottom Ad