ඇමති ධුරයෙන් හා එජාප උප නායක ධුරයෙන් අස්වෙන්න රවි සූදානම්.. බරපතල චෝදනාවට රිමාන්ඞ් කිරීමක් නෑ.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, August 7, 2017

ඇමති ධුරයෙන් හා එජාප උප නායක ධුරයෙන් අස්වෙන්න රවි සූදානම්.. බරපතල චෝදනාවට රිමාන්ඞ් කිරීමක් නෑ..

පාර්ලිමේන්තුවට ඉදිරිපත් වී ඇති විශ්වාස භංග යෝජනාව විවාදයට ගැනීමට පෙර ඇමති රවි කරුණානයක මහතා ඇමති ධුරයෙන් හා එජාපයෙ උප නායක ධුරයෙන් ඉල්ලා අස්වීමට කියමිත බවට මාධ්‍ය වාර්තා පල වෙයි.

ජනාධිපතිවරයා වෙත විදේශ ඇමති ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපියත් අගමැතිවරයා වෙත එජාප උප නායක ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපියත් ලබා දෙනු ඇතැයිද එම වාර්තාවන්හි දැක්වෙයි. ඇමතිවරයා මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිත බවද සදහන්ය.

මේ අතර අගමැතිවරයා ඊයේ දිනයේ මස්කෙලියේදී කියා සිටියේ චෝදනා එල්ල වූවන් ධුරයෙන් ඉල්ලා අස්වීමේ ආදර්ශය දීමෙ සූදානම් බවයි. කෙසේ වෙතත් විපක්‍ෂය කියා සිටින්නේ ඇමතිධුරයෙන් ඉල්ලා අස්වීම අදාල චෝදනාවට පිලිතුරක් නොවන බවත් මුල්‍ය විශුධිකරණ හෝ පොදු දේපල පනත යටතේ ඇමතිවරයා අත්අඩංගුවට ගෙන රක්‍ෂිත බන්ධනාගාරගත කර නඩු ඇසිය යුතු බවත්ය.

No comments:

Post a Comment

Post Bottom Ad