තවත් ප්‍රබල ඇමතියෙක් ළඟදීම බැදුම්කර කොමිසමට? - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, August 6, 2017

තවත් ප්‍රබල ඇමතියෙක් ළඟදීම බැදුම්කර කොමිසමට?

මහ බැංකුවේ බැදුම්කර සිද්ධිය ගැන විමර්ශණය කරන ජනාධිපති කොමිසම හමුවේ ඉදිරි සතියේදී තවත් ප්‍රබල එජාප ඇමතිවරයෙකු කැදවා ඇති බව වාර්තාවේ.
මෙම ඇමතිවරයා සතු සමාගම් අටක මෙම කාලයේදී රුපියල් බිලියනයක මුදලක් හදිසියේ තැනැපත් කර ඇති බවද වාර්තා වන අතර දැනටමත් එම සමාගම්වල නිලධාරීන් බියපත් වී සිටින බවද දැනගන්නට ඇත.
 
මහ බැංකුවේ බැදුම්කර මගඩිය සම්බන්ධයෙන් මැදියත් වූ බවට මෙම ඇමතිවරයාටද ප්‍රබල ලෙස චෝදනා එල්ල වී ඇති බව අමාත්‍ය රවී කරුණානායක මහතාට හිතවත් මන්ත්‍රීවරයකු පැවසිය. තමාට එරෙහිව චෝදනා කරමින් මඩ ව්‍යාපාරයක් ගෙන යන්නේ එජාපයේම ප්‍රබලයකු බව අමාත්‍ය රවී කරුණානායක මහතා පසුගියදා ප්‍රකාශ කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad