දේශපාලන පෙරැළියක් අතලඟ: අගෝස්තු අවසාන දින කිහිපය තීරණාත්මකයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, August 13, 2017

දේශපාලන පෙරැළියක් අතලඟ: අගෝස්තු අවසාන දින කිහිපය තීරණාත්මකයි

යහපාලන ආණ්ඩුවේ වසර දෙකේ සම්මුති ගිවිසුම අවසන් වන අගෝස්තු 21 වනදාත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 66 වැනි සංවත්සරය පැවැත්වෙන සැප්තැම්බර් 02 වැනිදාත් අතර කාලයේදී ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමැතිවරුන්ගේ දේශපාලන පෙරැළියක් සිදුවන බවට දේශපාලන ආරංචි මාර්ග කියයි.

එවැනි පෙරැළියක් සිදුවීම වැළැක්වීම පවතින දේශපාලන තත්ත්වය යටතේ අසීරු විය හැකි බවත් කෙසේ වෙතත් විපක්ෂයේ අසුන් ගැනීමට පෙර, එම කණ්ඩායම ඉවත්ව යෑමට තුඩු දෙන කරුණු කාරණා සම්බන්ධයෙන් ශ්‍රීලනිප නායක මෛත්‍රිපාල සිරිසේන මහතා හමුවී සාකච්ඡා කොට අවසන් තීරණයක් ගන්නා බවත් ආණ්ඩුවෙන් ඉවත්ව විපක්ෂයේ අසුන් ගන්නා බවට ප්‍රකාශ කර තිබෙන රාජ්‍ය ඇමැතිවරයකු ප්‍රකාශ කළේය.

මේ වන විට අදාළ කරුණු ගැන දීර්ඝ සාකච්ඡාවක් පැවැත්වෙමින් තිබෙන බව දැනගන්නට තිබේ. යහපාලන ආණ්ඩුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක නොවන්නේ නම් හා අපේක්ෂිත දේවල් ආණ්ඩුවෙන් ජනතාව වෙත නොලැබෙන්නේ නම්, තවදුරටත් මැති ඇමැතිකම් දරමින් ආණ්ඩුවේ රැඳී සිටීම පාක්ෂිකයන්ට කරන අගෞරවයක් බවද එම රාජ්‍ය ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad