මත්තල ගුවන් තොටුපළ ඉන්දියාවට බදුදෙන ලකුණු - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, August 6, 2017

මත්තල ගුවන් තොටුපළ ඉන්දියාවට බදුදෙන ලකුණු

මත්තල ගුවන් තොටුපළ ඉන්දියානු ආයෝජකයකුට බදුදීම සඳහා මේ වනවිට සාකච්ඡා ආරම්භ කර ඇති බව වාර්තා වෙයි. මේ සම්බන්ධයෙන් ඉන්දියානු ආයෝජකයා සහ රජය අතර පවත්වන එම සාකච්ඡා ඉතා සාර්ථකත්වයට පැමිණ ඇති බ ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය ඇමැති අශෝක අබේසිංහ මහතා දන්වා තිබේ. 

මත්තල මාසයක ආදායම ලක්‌ෂ 40 ක් වෙද්දී වියදම ලක්‌ෂ 250 බවත් දවසකට එන්නේ ගුවන් යානා 3 ක් බවත් මාසයකට ණය ගෙවන්න ලක්‌ෂ 3000 ක්‌ වැයවෙන බවත් පෙන්වාදී ඇති ඇමතිවරයා මහින්ද රජය ලබාගත් ණය මුදල් අනුව අවුරුද්දකට රුපියල් කෝටි 360 ගාණේ අවුරුදු අටක්‌ රජය ණය ගෙවිය යුතුයි යෑයිද පෙන්වාදී ඇත.

මත්තල ගුවන් තොටුපළ හදන්න රුපියල් කෝටි 4000 ක්‌ පමණ රාජපක්‍ෂ ආණ්‌ඩුව වැයකර ඇතැයිද මේ ආකාරයට බදු දීම මගින් ඒ සම්බන්ධ රජයට පැටවී තිබෙන අනවශ්‍ය බර ඉවත් වනු ඇතැයිද දන්වා තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad