අවුල හවුල තව පුපුරයි.. විජේදාස ඇමතිකමින් ඉවතට..?

විජේදාස රාජපක්‍ෂ මහතා දරණ අධිකරණ හා බුද්ධශාසන ඇමති ධුරයෙන් වහා ඉවත් කරන්නැයි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා සිටීමට එක්සත් ජාතික පක්‍ෂය විසින් තීරණය කර ඇති බව වාර්තා වෙයි.

ඇමතිවරයාට එල්ල වී ඇති චෝදනා වන්නේ රාජපක්‍ෂලපාට නඩු පැවරීම ප‍්‍රමාද වීම, රවි කරුණානායක හිටපු ඇමතිව නීතිපති දෙපාර්තමේන්තුව ලවා අපහසුතාවයට පත් කිරීම, කැබිනට් සාමුහිකත්වය කඩමින් හම්බන්තොට ගිවිසුම විවේචනය කිරීම ආදියයි. ඇමති රාජිත සේනාරත්නද මේ සදහා සෘජුව මැදියත්ව සිටින අතර ඉදිරි සතියේදී අගමැතිවරයා විසින් ජනාධිපතිවරයාගෙන් අදාල ඉල්ලීම කරනු ඇති බවද පැවසෙයි.


Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment