රවීගේ සහයට පැවැත්වූ එජාප මාධ්‍ය හමුවට මන්ත්‍රීන් ඇවිත් නෑ. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, August 15, 2017

රවීගේ සහයට පැවැත්වූ එජාප මාධ්‍ය හමුවට මන්ත්‍රීන් ඇවිත් නෑ.

අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස් වූ රවි කරුණානායක මහතාට සහාය පළ කිරීම සඳහා දකුණු පළාත් සභාවේ එජාප මන්ත්‍රීවරුන් (15) සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවට දකුණු පළාත් සභාව නියෝජනය කරන මන්ත්‍රීවරුන් 15න් හය දෙනෙකුම පැමිණ සිටියේ නැත.

දකුණු පළාත් සභාවේ විපක්ෂ නායක තෙන්නකෝන් නිලමේ මහතා ඇතුළු පිරිසක් මෙම මාධ්‍ය හමුව සංවිධානය කර තිබුණි. මේ සඳහා ගාල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරන මන්ත්‍රීවරුන් වන සුනිල් සේනානායක, ජයසිරි නානායක්කාර යන මහත්වරුද, මාතර දිස්ත්‍රික්කයේ කලිප ගමගේ, රංජිත් මුණසිංහ යන මහත්වරුද හම්බන්තොට දිස්ත්‍රික්කය නියෝජනය කරන නිහාල් වෙදආරච්චි, ටී.වී.කේ. ගාමිණී, පී.එච්. ලාල් චන්ද්‍ර යන එජප මන්ත්‍රීවරුන් සහභාගී වූයේ නැත.

No comments:

Post a Comment

Post Bottom Ad