කෝටියකට වැඩිය වටින‍ා වල්ලපට්ටා තොගයක් අත්අඩංගුවට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, August 6, 2017

කෝටියකට වැඩිය වටින‍ා වල්ලපට්ටා තොගයක් අත්අඩංගුවට

රුපියල් එක් කෝටි විසි ලක්ෂයක් වටිනා වල්ලපට්ටා තොගයක් නීතිවිරෝධී ලෙස මුම්බායි ඔස්සේ ඩුබායි වෙත රැගෙන යෑමට තැත් කළ පුද්ගලයින් සිව් දෙනෙකු කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ දී පෙරේදා (04) රාත්‍රී රේගු මත්ද්‍රව්‍ය නිවාරණ අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මොවුන් කොළඹ ප්‍රදේශයේ පදිංචි 60, 45, 35,සහ 21 යන වයස් කාණ්ඩවල පසුවන්නන් බව ශ්‍රී ලංකා රේගුව පවසයි. මොවුන් පෙරේදා රාත්‍රී 9.35 ට පමණ මුම්බායි බලා පිටත්ව යන 9 ඩබ්ලිව් 252 දරන ජෙට් එයා වේස් ගුවන් යානයට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියදී , ඔවුන් රැගෙන ආ ගමන් මලු සගවා ගෙන තිබූ කිලෝ ග්‍රෑම් 116 ක් බර මෙම වල්ලපට්ටා තොගය රේගුව විසින් සොයා ගෙන අත්අඩංගුවට ගෙන තිබුණි.

එහිදී මෙම වල්ලපට්ටා තොගය රාජසන්තක කළ අතර, මෙම පුද්ගලයින් සිව් දෙනාට රුපියල් ලක්ෂ 7 බැගින් රුපියල් ලක්ෂ 28 ක දඩ මුදලක් ගෙවන ලෙසද නියෝග කර තිබේ.

(කටුනායක ටී.කේ.ජී.කපිල)

No comments:

Post a Comment

Post Bottom Ad