මරපු හැටියි වටේම රත් කරපු අසභ්‍ය වීඩියෝ එක එළියට ආපු හැටියි ඕෂධී ප්‍රසිද්ධියේ හෙළිකරයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, August 12, 2017

මරපු හැටියි වටේම රත් කරපු අසභ්‍ය වීඩියෝ එක එළියට ආපු හැටියි ඕෂධී ප්‍රසිද්ධියේ හෙළිකරයි

ආශාවරී සින්දුවත් එක්ක හිට් වෙච්ච ඕෂධී ලංකාවේ ටොප් මොඩ්ල් කෙනෙක්. ඊට පස්සේ වස්සානේ සඳ චිත්‍රපටය හින්දා සිනමාවටත් අඩිය තිබ්බා. අඩිය අඩිය තියලා නඟින ඕෂධී කරපු කතාබහක් තමයි මේ.

ඕෂධී ආශාවරී හරහා ලබපු ජනප්‍රියත්වය හින්දාම ගොඩක් ඇය ඒ නමින්ම කතා කරවලු නේද ?

ඔව්. ආශාවරී කියන නම ගොඩක් අය කියනවා.

ඕෂධීගේ හිට් එක දැන් ගොඩක් අය වැරදි විදියට ගන්නවා කියලා ආරන්චියි?

මම දැන් වැඩිපුර මියුසික් වීඩියෝ කරන්නේ නැහැ. පසුගිය දවසකත් මියුසික් වීඩියෝ එකක රඟපාලා ලොකු කරදරයක් වුණා.


අර මැරිලා කියලා පළවෙච්ච පොස්ට් එකද ?

ඒ සිද්ධිය හින්දා අපේ ගෙදර අයත් කලබල වුණා. මම මොඩ්ලින්වලට ඇවිත් අවුරුදු හතක් විතර වෙනවා. ඊට පස්සේ රඟපෑමට අවා. මේ වගේ සිද්ධියක් වෙච්ච මුල්ම වතාව මේක. මං ගැනම මරණ දැන්වීමක් හදලා පොටෝ විතරක් තියෙත්දි රසිකයෝ පවා බලවෙලා මට කෝල් කරලා තිබුණා.

සමහර නිළියෝ නම් මෙහෙම ගොසිප් ගහනවට කැමතියි කියන්නේ ?

එහෙම අයත් ඇති. එත් මම එකට කැමති නෑ. අපි කරපු නිර්මාණයේ ෆොටෝ පළ කරලා වීඩියෝ එක ප්‍රමෝට් කර ගන්න එක ප්‍රශ්නයක් නැහැ. හැබැයි මාව අමු අමුවේ මරවපු එක වැරදියි. අඩුම තරමේ ඒ ප්‍රඩක්ෂන් ටීම් එක මගෙන් ඕක අහන්න තිබුණා. ඊට පස්සේ එක කොපි කරලා අනිත් ගොස්ප්වලත් දාලා තිබුණා.

ඉතිං ඔයා එයාලට කතා කලාද ?

ඔව්. එයාලා ඒක අයින් කරගත්තා හැබැයි වෙන්න තියෙන දෙ වෙලා ඉවරයි.

ඒ සිද්ධිය වෙලා ටික දවසකින් ඔයාගේ කියලා අසභ්‍ය වීඩියෝ එකක් අවා ?

ඒක මගේ නමට ලොකු කැල්ලක් කරපු සිද්ධියක්. ඇත්තටම මගේ ගෙදර අය, රසිකයෝ හැමෝම දන්නවා ඒ මම නෙවෙයි කියලා.

ගොඩක් අය කියන්නේ ඒ වීඩියෝ එකේ ඉන්න කෙනයි, ඕෂධීයි සමානයි කියලා ?

මීට අවුරුදු හතරකට, පහකට කලින් මගේ මුහුණේ වම්පැත්තට එයාට ගොඩක් සමානයි. හැබැයි එතැන ඉන්නේ මම නෙවෙයි. කවුරු මේ දෙ කළත් මම මේ වීඩියෝ එකේ මුල් වීඩියෝ එක හොයාගත්තා. එක 2008 අවුරුද්දේ කොල්ම්බියානු එක්තරා අසභ්‍ය වීඩියෝ සයිට් එකක පළවෙච්ච එකක්. ගොසිප් අඩවි පේජ් මේකේ ඉන්නේ කවුද කියලා හරියටම දැනගෙන ශෙයා කළේ මට මඩ ගහන්න. මේ හින්දම දැන් දැන් ඒ සයිට් විශ්වාසය අඩු කළා.

හැබැයි හොසිප් හැමෝම බලනවා නේද ?

ඔව්. හැබැයි ගොඩක් සයිට් පත්තරේ යන එකක් වුණත් හෙඩිම වෙනස් කරලා සංස්කරණය කරලා වෙබ්වල දාන්නේ. ඉතිං ගොඩක් අය ඒවා ගැන වැරදි වැටහීම් ගන්නවා. මම ආශාවරී වෙනුවෙන් වෙනස් විදියේ රංගනයක් කළා තමයි. එත් මේක නම් තනිකරම මාව නැති අක්රන්න කරපු දෙයක්.

ජනයුගය – 2017.08.12

No comments:

Post a Comment

Post Bottom Ad