ජල ගාස්තු ලඟදීම ඉහලට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, August 7, 2017

ජල ගාස්තු ලඟදීම ඉහලට

ජල ගාස්තු ලඟදීම ඉහලට
වසර පහක කාලයකදී ජල ගාස්තු සංශෝධනයක් සිදු වී නොමැති නිසා ඉදිරියේ දී අනිවාර්යෙන්ම ජල ගාස්තු වැඩි වීමක් සිදු කිරීමට සිදු වන බව නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් මහතා පවසයි. ඔහු මේ බව පැවසූවේ මාතර ජල සම්පාදන ව්‍යාපෘතියේ හතරවැනි අදියර ක්‍රියාත්මක කිරීම සඳහා මුල් ගල් තැබීමේ උත්සවයේ දී ය. 

ජල ගාස්තු සංශෝධනය වසර තුනකට වරක් සිදු කළ යුතුව තිබුණත් නව රජය බලයට පත් වු පසු එය සිදු නොකළ නිසා වසර පහක් තිස්සේ ජල ගාස්තු සංශෝධනය වී නැතැයි ද, එනිසා එය සංශෝධනය කළ යුතුව ඇතැයි ද, රටේ බහුතර ජනතාවක් නියඟයෙන් පීඩා විඳන නිසා ජල ගාස්තු සංශෝධනය ප්‍රමාද කරන ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා උපදෙස් ලබා දී ඇතැයි ද ඇමැතිවරයා පැවසී ය.

No comments:

Post a Comment

Post Bottom Ad