මහින්ද ඝාතනය කිරීමට, සිරගත කිරීමට හෝ ප්‍රජා අයිතිය අහෝසි කිරීමට සූදානම්.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, August 7, 2017

මහින්ද ඝාතනය කිරීමට, සිරගත කිරීමට හෝ ප්‍රජා අයිතිය අහෝසි කිරීමට සූදානම්..

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඝාතනය කිරීම, සිරගත කිරීම හෝ ඔහුගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමේ කුමන්ත්‍රණයක්‌ ක්‍රියාත්මකව පවතින බව හිටපු අමාත්‍ය කුරුණෑගල දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී සාලින්ද දිසානයක මහතා පැවසීය.

ශ්‍රී වික්‍රම රාජසිංහ රජු මියයනතුරු සිරගත කර සිටි රටක මහින්දටත් එසේ නොවෙන්න හැකිදැයි හෙතෙම ප්‍රශ්න කළේය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙහි රත්තොට ආසනයේ ක්‍රියාකාරීන්ගේ රැස්‌වීමේදී ඒ මහතා මේ බව පැවසීය. මාතලේ ශ්‍රීමත් ගාන්ධි ශාලාවේ ශ්‍රවණාගාරයේ එය පැවැත්විණි.

ඇෆ්ගනිස්‌තානයට තුර්කියට සිරියාවට කළ දේ ඇමරිකාව, ශ්‍රී ලංකාවටත් කරමින් මහින්ද රාජපක්‍ෂ බලයෙන් පහකරන්න ගොබෙල්ස්‌ න්‍යාය ක්‍රියාත්මක කරන බව පැවසූ සාලින්ද දිසානායක මහතා ගඩාපි බලයෙන් පහකරන්නත් ගොබෙල්ස්‌ න්‍යාය ක්‍රියාත්මක කළ බව පැවසීය. “මහින්ද හොරා… මහින්ද හොරා…” යෑයි කියන වාර ගණන වැඩි වන විට ගොබෙල්aස්‌ න්‍යාය ඉබේටම ක්‍රියත්මක වන බව පැවසූ ඒ මහත, ඇමරිකාව එල්. ටී. ටී. ඊ. සංවිධානයට උදව් කළ බව සඳහන් කළේය. ශ්‍රී ලංකාවේ මිලිටරි බලය සහ වෙළෙඳ කලාපය අල්ලාගැනීම ඔවුන්ගේ අරමුණ වූ බව පැවසූ ඒ මහතා මූලිකම අපේක්‍ෂාව වූයේ ත්‍රිකුණාමලය අල්ලාගැනීම බැව් පැවසීය.

“නැවක ඉඳලා මිසයිල ගහන්න බෑ… ඒ වැඩේට ගොඩබිමක්‌ ඕනෑ. ඇමරිකාව, ත්‍රිකුණාමලය ගැන මේ තරම් උනන්දු ඒකයි. උතුරු නැගෙනහිර 2/3 ප්‍රමාණයක්‌ම සාගරය මන්නාරමේ තෙල්, ගෑස්‌ නිධි මුලතිව් ප්ලැටිනම් නිධි ගැනත් ඇමරිකාව උනන්දුයි. මහින්ද බලයෙන් පහකරන්න රුපියල් කෝටි විසිපන්දාහක්‌ එකතු කළේ ඒකයි. උතුරු නැගෙනහිර නොපෙනෙන හස්‌තයකින් පාලනය කරන්න ඉන්දියාවට අවශ්‍ය බව පැවසූ ඒ මහතා චීනය වෙළෙඳපොළ ආක්‍රමණය කළත් රටවල් ආක්‍රමණය නොකරන බව පැවසීය.

ඉකුත් ජනාධිපතිවරණයේදී මේ රටේ ජනතාව ඡන්දය පාවිච්චි කළත් ඒ ඡන්දයේ තිරයේ පිටුපසින් සිටියේ වෙනත් පිරිසක්‌ බව පැවසූ ඒ මහතා මෛත්‍රිපාල සිරිසේන ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ බලය අල්ලාගත්තේත් මහින්ද බලයෙන් පහකිරීමේ කුමන්ත්‍රණයේ එක්‌ පියවරක්‌ ලෙස යෑයි කීවේය.

පුත්තලම, මන්නාරම යාකරන්න විල්පත්තු කැලය කපන බව පැවසූ ඒ මහතා ද්‍රවිඩයන්ටත් මුස්‌ලිම් අයටත් වෙන වෙනම ෆෙඩරල් ලබාදෙන බව පැවසීය. මෙහෙම කීවාම සුළු ජාතීන් මං ගැන වැරදියට හිතන්න නම් එපා. අපි සුළු ජාතීන්ට ඉහළින්ම සලකනවා. අපි අකැමැති ත්‍රස්‌තවාදයට යෑයි සඳහන් කළේය. ෆෙඩරල් ක්‍රියාත්මක වන විට මේ රටේ ලේ වැගිරීම් විය හැකි නිසා ඇමරිකාව සාම සාධක හමුදාවක්‌ ලෙස අපේ රටට එන්න සූදානමින් සිටිනවා යෑයි ද සාලින්ද දිසානායක මහතා පැවසීය.

– දිවයින

No comments:

Post a Comment

Post Bottom Ad