"රවී සහ අර්ජුන් අත්සන් කළ මුදල් නෝට්ටු ඉවත් කරන්න ලු"

අමාත්‍ය රවී කරුණානායකගේ සහ හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ගේ අත්සන් සහිත මුදල් නෝට්ටු භාවිතයෙන් ඉවත් කරන්නැයි සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිනවා.

ශ‍්‍රී ලංකා මහ බැංකුවේ සිදු වූ බව කියන බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් ඉදිරිපත්ව ඇති චෝදනා සැලකිල්ලට ගෙන එම පියවර ගත යුතු බවයි එහි ජාතික සංවිධායක අසේළ සම්පත් කියා සිටියේ. රවී කරුණානායක මුදල් අමාත්‍යවරයාව සහ අර්ජුන් මහේන්ද්‍රන් ශ‍්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයාව සිටියදී නිකුත් කර ඇති මුදල් ප‍්‍රමාණය කොතෙක්දැයි වහාම සොයා බැලිය යුතු බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.


Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment