රවීගේ බිරිඳ මෙලා කරුණානායක පාර්ලිමේන්තුවට..? - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, August 12, 2017

රවීගේ බිරිඳ මෙලා කරුණානායක පාර්ලිමේන්තුවට..?

හිටපු මුදල් මෙන්ම විදේශ කටයුතු අමාත්‍යාංශය භාරව සිට බැදුම්කර මගඩිය සම්බන්ධය ජනාධිපති කොමිසම ඉදිරියේදී සාක්ෂි දීමට ගොස් තම අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වු හිටපු අමාත්‍ය රවි කරුණානායක මහතා එහිදි බැදුම්කරයට සම්බන්ධ එහි විශාල ප්‍රතිලාබ ලබා ගත් අනික් ප‍්‍රබලයින් කිසිවෙකු හෙළි නොකිරීමට උපකාරයක් ලෙස ඔහුගේ බිරිඳ මෙලා කරුණානායක මහත්මිය ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට යවා ඇමති ධූරයක් ලබාදීමට සූදානමක් ඇති බවට තොරතුරු වාර්තා වෙයි.

දැනටත් ඉල්ලා අස් නොවී සිටින විදේශ ඇමතිවරයාගේ පුද්ගලික කාර්ය මණ්ඩලයේ ආරංචි මාර්ග සදහන් කරන්නේ එජාපයේ ජාතික සංවිධායක දයා ගමගේ මහතාගේ බිරිඳ ජාතික ලැයිස්තුවෙන් පත් කල ආකාරයෙන් වර්තමාන එජාපයේ නියෝජ්‍ය නායක රවි කරුණානායක මහතාද පක්ෂය වෙනුවෙන් කල කැපවීම වෙනුවෙන් එසේ කිරීමට සුදානමක් ඇති බවයි. මේ තත්වය මත රවි කරුණානායක මහතාගේ පෞද්ගලික කාර්යය මණ්ඩලය මේ වන තෙක් ඉල්ලා අස් වී නැති අතර ඉදිරියටද වරප්‍රසාද නිත්‍යානුකූලව භුක්ති විදීමට හැකිවනු ඇතැයි දැඩි විශ්වාසයෙන් සිටිති.

No comments:

Post a Comment

Post Bottom Ad