ඉණිමයි ලකුණු 53යි.. ඉන්දියාව ලංකාව දණ ගස්වයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, August 6, 2017

ඉණිමයි ලකුණු 53යි.. ඉන්දියාව ලංකාව දණ ගස්වයි

ශ්‍රී ලංකා කණ්ඩායම සමග එස් එස් සී පිටියේ පැවති දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ඉණිමක සහ ලකුණු 53ක ජයක් වාර්තා ඉන්දීය කණ්ඩායම මීට නොබෝ වේලාවකට පෙර සමත් වුණා. ඒ අනුව තරග 03කින් සමන්විත මෙම ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ එක් තරගයක් ඉතිරිව තිබියදී 02ට බින්දුවක් ලෙස ජය හිමිකර ගැනීමට ඉන්දියාව සමත් වුණා.

ගාල්ලේ පැවති තරගය මෙන්ම මෙම තරගයද නිමාවට පත් වුයේ දින 04කින්. ඉන්දීය කණ්ඩායම පලමු ඉණිම සඳහා ලකුණු 622ක් රැස් කළා. එහෙත් ශ්‍රී ලංකා කණ්ඩායමට ඊට පිළිතුරු වශයෙන් පළමු ඉණිමට රැස් කර ගති හැකි වූයේ ලකුණු 183ක් පමණයි.  ඒ අනුව, ඉණිමක පරාජයෙන් බේරීමට යලි දෙවන ඉණිම ඇරඹු ශ්‍රී ලංකාවට එහිදී රැස් කර ගැනීමට හැකි වූයේ ලකුණු 386ක් පමණයි.

No comments:

Post a Comment

Post Bottom Ad