හුසේන් බෝල්ට්ගේ ක්‍රීඩා දිවිය 3 වෙනියා වී නිමවේ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, August 6, 2017

හුසේන් බෝල්ට්ගේ ක්‍රීඩා දිවිය 3 වෙනියා වී නිමවේ


ඊයේ ලන්ඩන් නුවරදී පවත්වන්නට යෙදුණ 2017 ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ මීටර් 100ය පිරිමි ධාවන ඉසව් අවසන් තරගය අනභිභවනීය ඔලිම්පික් ශූර උසෙන් බෝල්ට්ගේ අවසන් තරගය වූ අතර එහිදී ඔහු තුන්වැනියා වී ඇමෙරිකාවේ ජස්ටින් ගැට්ලින්ට හා ක්‍රිස්ටියන් කෝල්මන්ට පරාජය විය. මෑත කාලයේ බෝල්ට් මේ ආකාර පරාජයක් අත්කරගෙන නොතිබීම නිසා බොහෝ අය මේ ගැන කතා කර තිබේ. බොල්ට් පැරදවූ ජස්ටින් ගැට්ලින් ඔහුට වැඳ ආචාර කර සුබපැතුම ලබාගත් අතර දෙවැනියාටද බොල්ට් අවසානයේ සුබ පැතුවේය. 

ගැට්ලින් මෙම තරගය නිම කළේ තත්පර 9.92ක දක්ෂතාවයකින් වූ අතර දෙවැනියා වූ කෝල්මන් 9.94 හා තෙවැනියාවූ බොල්ට් 9.95 කින් තරගය අවසන් කරන ලදි. බොල්ට් තම මීටර සියය ක්‍රීඩා දිවියේ අවසන් තරගය වූ නිසා චකිතයෙන් සිටි බවටත් තරගකාරී ගැට්ලින්ට තරගයට පෙර හූ හඩ නගා උසුලු විසුළු කර මානසික අසමතුලිතතාවයකින් පෙළුණ බවටත් වාර්තා පළව තිබෙන අතර එම කරුණු ඔහුගේ පසුබෑමට බලපාන්නට ඇතැයි කියැවේ. 

30හැවිරිදි උසෙන් බෝල්ට් 2008, 2012 සහ 2016 ඔලිම්පික් ක්‍රීඩා උළෙලවලදී මීටර් 100, මීටර් 200 සහ මීටර් 100 හතර සහය දිවිමේ ඉසව්වල අඛණ්ඩව රන් පදක්කම් 9ක් හිමිකර ගත් ලොව පළමු ක්‍රීඩකයා ද වෙයි. ඔහු 2008 සිට සහභාගීවූ මීටර 100 අවසන් තරග 74 කින් 69ක්ම ජයගෙන ඇත. ඔහු තවමත් ලෝකයේ මීටර සියය දීවීම සඳහා හොඳම කාලය වන 9.58 (2009) හා දෙවැනි ස්ථානය වන 9.63 (2012) වාර්තා වල හිමිකරුවාය.







ඊයේ තරගයේ වීඩියෝ දර්ශනය පහතින්...


No comments:

Post a Comment

Post Bottom Ad