රජයේ වාණිජ ව්‍යාපාර 16ක් 'සුදු අලි' - මංගල

බලශක්ති, බැංකු, නාවික කටයුතු වැනි මූලික අංශ නියෝජනය කරන රජය සතු ඉතා වැදගත් වාණිජ ව්‍යාපාර 55 න් ලාබ ලබනුයේ 39 ක් පමණක් බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පවසයි. රාජ්‍ය වාණිජ ව්‍යාපාර හැකි තරම් ලාබදායි ඒවා බවට පත් කොට රටට ලැබෙන බදු හා ලාභාංශ මුදල් වැඩිකර ගැනීම රජයේ ඉලක්කයක් බව ද අමාත්‍යාංශය සඳහන් කරයි.

රජය සතුව රාජ්‍ය ව්‍යාපාර 400ක් පමණ ඇතැයි ද මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය අනාවරණය කොට තිබේ. මේ ව්‍යාපාරයන් අතුරින් 55ක් ඉතා වැදගත් වාණිජ්‍ය ව්‍යාපාර ලෙස ද 345ක් වාණිජමය නොවන රාජ්‍ය ව්‍යාපාර ලෙස ද හඳුන්වන බව මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා පවසයි. රජය සතු ඉතා වැදගත් වාණිජ ව්‍යාපාර 55න් 39ක් ලාභදායි වන අතර, 16ක් අලාභදායිව පවත්වාගෙන යනු ලැබේ.

Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment