මන්ත්‍රීවරු 15ක් චීන සංචාරයක - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, August 7, 2017

මන්ත්‍රීවරු 15ක් චීන සංචාරයක

මන්ත්‍රීවරු 15ක් චීන සංචාරයක
මෙරට පාර්ලිමේන්තු මන්ත්‍රීන් 15 දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් එළැඹෙන සතියේදී චීනයේ නිල සංචාරයක නිරත වන බව ඒෂියන් නිව්ස් ඉන්ටර්නැෂනල් පුවත් සේවය වාර්තා කරයි. එරටදී පැවැත්වෙන ආපදා කළමනාකරණ වැඩමුළුවකට සහභාගී වීම සඳහා මෙම මන්ත්‍රීවරුන් පිරිස මෙම සංචාරයේ නිරත වන බව එම වාර්තාවේ දැක්වේ.

දෙරට අතර පවතින ද්විපාර්ශ්වික සබඳතා වර්ධන කර ගැනීමේ අරමුණෙන් මෙලෙස තවත් ශ්‍රී ලංකා පාර්ලිමේන්තු නියෝජිත පිරිස් චීනයේ සංචාරයන්හි සහභාගී කරවා ගැනීමට අපේක්ෂා කරන බව ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයා ප්‍රකාශ කර තිබේ. ඒ වගේම චීන සමාගම් හා ආයෝජකයින් රැසකට ශ්‍රී ලංකාවේ ආයෝජනයන් සඳහා සහභාගීවන ලෙසට තමන් නිරන්තයෙන් එම අයෝජකයින් දිරි ගන්වන බවද ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයා ඒෂියන් නිව්ස් ඉන්ටර්නැෂනල් පුවත් සේවය වෙත ප්‍රකාශ කර ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad