113 හදාගෙන අපි ආණ්ඩුවක් පිහිටුවනවා.. ඒකට මෛත‍්‍රිගෙ නොවෙයි සක්කරයගෙවත් ආශිර්වාද ඔ්න නෑ..

මේ වසර අවසන් වන්නට පෙර මහින්ද රාජපක්‍ෂ මහතාගේ නායකත්වයෙන් අලුත් ආණ්ඩුවක් හදන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී කුමාර වෙල්ගම මහතා පැවසීය.

පස්සරදී පැවති ජන හමුවක් අමතමින් ඔහු මෙසේ සදහන් කලේය. මේ ආණ්ඩුවේ ආයුෂ දැන් ඉවරයි. යහපාලන මිනී පෙට්ටියට අන්තිම ඇනය ගැහුවේ රවී කරුණානායක. දැන් තියෙන්නේ වළ දාන්න විතරයි. මේ අවුරද්ද ඉවර වෙන්න ඉස්සර අපි මහින්ද මහත්තයාගේ නායකත්වයෙන් අලුත් ආණ්ඩුවක් මේ රටේ හදනවා.

ඒකට ජනාධිපතිවරයාගේ ආශිර්වාදය ඕනේ නැහැ. කොහොම හරි අපි මන්ත්‍රීවරුන් 113ක් එකතු කරගෙන පාර්ලමේන්තුවේ බහුතර බලය පෙන්නනවා. එහෙම කරලා අපි අපේ අගමැතිවරයෙක් පත්කරගන්නවා. ඒකට කවුරුවත් ආශිර්වාද කරන්න ඕනේ නැහැ. හැබැයි අපේ බලය පෙන්නුවාම ඒක පිළිනොගෙන ඉන්න සක්කරයාටවත් බැහැ. මාව බදුල්ලට එව්වේ මහින්ද මහත්තයා. මම ආයෙත් බදුල්ල දාලා යන්නේ නැහැ. බදුල්ලත් එක්ක මට තියෙන්නේ ලොකු සම්බන්ධයක්.

– ප‍්‍රදීප් අනුර කුමාර


Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment