විජයකලා දිනේෂ් සමඟ මත ගැටුමක - මැති සබය උණුසුම් වේ (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, July 7, 2017

විජයකලා දිනේෂ් සමඟ මත ගැටුමක - මැති සබය උණුසුම් වේ (VIDEO)

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම් පත් ලියවිල්ලක් මෙතෙක් ඉදිරිපත් කර නොමැති බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. ව්‍යවස්ථා කෙටුම් පත් සම්බන්ධයෙන් වූ ලියවිලක් පසුගියදා ඉදිරිපත් කර ඇති බවට එකබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා සිදුකල ප්‍රකාශයකට පිළිතුරු ලබා දෙමින් අගමැතිවරයා මේ බව සඳහන් කළ අතර එහිදී පාර්ලිමේන්තුව තුළ උණුසුම් තත්වයක් හට ගෙන තිබේ.

අනු කමිටුව වාර්තා 6ක් ඉදිරිපත් කර ඇති බවත් එහිදී විවිධ යෝජනා ඉදිරිපත් කර තිබුණද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුව කිසිදු වාර්තාවක් ඉදිරිපත් කර නැතැයි අග්‍රාමාත්‍යවරයා පැවසීය. දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා සහ අගමැතිවරයා අතර එම සංවාදයේදී  උණුසුම් තත්වයක් ඇති වූ අතර ළමා කටයුතු රාජ්‍ය ඇමතිනී විජයකලා මහේෂ්වරන් මහත්මිය එම සංවාදයට එක් වෙමින් මෙසේ අදහස් දැක්වීය.

 “මේ දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීතුමා අපිට වේලාව දෙන්න කතා කරන්ඩ.හැමදාම ජාතිවාදය අවුස්සනවා.එළියෙත් අවුස්සනවා,ඇතුළෙත් අවුස්සනවා.පිස්සු කතා.ඔයා ජාතිවාදය අවුස්සනවා නිකන් බොරුවට.”යනුවෙන් සඳහන් කලාය. එහිදී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතාමෙසේද පැවසීය.  “මේ ආණ්ඩුව හරියට චන්ද්‍රානි පෙන්නලා කලා දුන්න වගේ ආණ්ඩුවක්.

ව්‍යවස්ථාදායක සභාව විසින් කිසිම ලිපි ගොනුවක් ඉදිරිපත් කලේ නැහැ කියලා අනුර දිසානායක මන්ත්‍රීතුමා කියනවා.අගමැතිතුමා රටටම කියනවා නැහැ එහෙම එකක් ඉදිරිපත් කළේ නැහැ කියලා.හැබැයි ඉදිරිපත් කරපු ඩාෆ්ට් එකක් තියෙනවා තමුන් වහන්සේලාගේ කාර්යාලයෙන්.තමුන් වහන්සේලා මේ කෙටුම්පත හදලා ඉවරයි.තමුන් වහන්සේලා බලාගෙන ඉන්නේ දින බලලා මේක දාන්න.”

No comments:

Post a Comment

Post Bottom Ad