"ශ්‍රීලනිප හොරු මෛත්‍රී රකිනවා - එජාප හොරු රනිල් රකිනවා" - රන්ජන් රජයට දොස් කියයි (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, July 6, 2017

"ශ්‍රීලනිප හොරු මෛත්‍රී රකිනවා - එජාප හොරු රනිල් රකිනවා" - රන්ජන් රජයට දොස් කියයි (VIDEO)

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ශ්‍රීලනිපයේ සභාපති වූ පසු එම පක්ෂයේ හොරු ආරක්ෂා වූ බවත් රනිල් වික්‍රමසිංහ මහතා අගමැති වූ පසු එජාපයේ හොරු ආරක්ෂා වූ බවත් නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පවසයි.

අමාත්‍ය රන්ජන් රාමනායක මහතා එහිදී මෙසේ අදහස් පළ කර සිටියේය. අමාත්‍යවරයා මෙසේ අදහස් දැක්වීය. “මේ ජාතික ආණ්ඩුව වර්ණනා කරන හේතුව මොකක්ද?රස්සා 10ක් අවොත් 5ක් හම්බුවෙනවා එක්සත් ජාතික පක්ෂයට 5ක් හම්බුවෙනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට.මේ විදියට බෙදිලා ගියා.හොරුනුත් ඒ වගේ බෙදුණා.හොරුන්ටත් ඒ පහසුකම හම්බුණා.අතිගරු ජනාධිපතිතුමා මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පක්ෂේ සභාපති වුණාට පස්සේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හොරු ටික ආරක්ෂා වුණා.

අගමැති රනිල් වික්‍රමසිංහ මහත්මයා එක්සත් ජාතික පක්ෂයේ අගමැති ධූරය හම්බුනාට පස්සේ එක්සත් ජාතික පක්ෂයේ හොරු ටික ආරක්ෂා වුණා.ජනතාවට මොකද වුණේ? මේ අන්ධ භක්තිකයන් මේ ලක්ෂ හැට දෙකහමාර මේ ලක්ෂ පනස් හතයි තමුන්ගේ උන්ව රකිනවා.රටට මොනවා වුණත් කමක් නෑ.ඒක තමයි අද වෙලා තියෙන්නේ.මා එක්ක මේ ප්‍රශ්නෙදි අපේ නායකයොත් එරෙහි වෙන්න පුළුවන්.නමුත් මේක තමයි ජනතා මතය.”

එම වීඩියෝව පහතින් නරඹන්න....

No comments:

Post a Comment

Post Bottom Ad