මංගල උත්සව අයිතමයක් ලෙස තොවිල් යකෙක් ඇවිත් (video)

මේ කාලයේ මංගල උත්සව සංවිධානය කරන අය කැපී පෙනෙන වෙනස්කම් වලට ආසා කරති, මේ සමග පළවන්නේ පසුගියදා පැවති මංගල උත්සවයක සිදුවූ සිදුවීමකි. මනාල යුවළ සියලු චාරිත්‍ර අවසානයේ අසුන්ගෙන සිටින අවස්ථාවේ මංගල සභාව කුල්මත් කිරීමේ අයිතමයක් ලෙස  සහභාගීවූයේ තොවිල් යකෙකි. 

මනාල යුවළ ආතුරයන් බවට පත් කරගෙන එම යක්ෂයා විවිධ කතා සභාව ඉදිරියේ ගෙනහැර පෑ අතර ළමයි කීයක් හදන්න ඉන්නවාද ආදී ලෙස ප්‍රසිද්ධියේ ප්‍රශ්න විචාරණයක නිරත වූයේ යුවළට ඇතැම් තැනක ලජ්ජාවද මතු කරමිනි. ඉනිදු නොනැවතුන යක්ෂයා සභාවේ එක් එක් අය අසුන් ගෙන සිටි ස්ථාන වලට ගොස් විවිධ දේ කියා සිටියේ සිනා යන්නටය.

එම අපූරු මංගල අයිතමය පහත වීඩියෝවෙන් දැක්වේ...







Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment