"උබට අපේ හෝටලවල ඉඩක් නෑ- ‌ඇමෙරිකාව අන් ජාතීන්ගෙන් බේරා ගත යුතුයි" ඇමෙරිකාවේ හෝටල නොමැතිව ආසියානුවන් වැස්සෙ තෙමෙමින් රැය ගත කරයි -ජාතිවාදී ඇමෙරිකානුවන් මානව හිමිකම් කඩ කරන හැටි .! (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, July 18, 2017

"උබට අපේ හෝටලවල ඉඩක් නෑ- ‌ඇමෙරිකාව අන් ජාතීන්ගෙන් බේරා ගත යුතුයි" ඇමෙරිකාවේ හෝටල නොමැතිව ආසියානුවන් වැස්සෙ තෙමෙමින් රැය ගත කරයි -ජාතිවාදී ඇමෙරිකානුවන් මානව හිමිකම් කඩ කරන හැටි .! (VIDEO)

අන්තර්ජාලය ඔස්සේ හෝටල සහ නවාතැන් පහසුකම් සපයන ලොව විශාලතම තැරැව්කාර සමාගමක් වන Airbnb  සමාගමට අනුබද්ධ හෝටලයක හිමිකාරියක් සිදුකල ජාතිවාදී ප්‍රකාශ‍යක් පිළිබද පුවතකට ලොවෙහිම අවධානය ලැබි තිබෙනවා.

Dyne Suh යනු ආසියානු සම්භවයක් ඇති ඇමෙරිකානු තරුණියක්. ඇය පසුගිය අප්‍රේල් මාසයේදී Airbnb හරහා හෝටලයක් වෙන් කර තිබෙන අතර ඇගේ වෙන් කිරීම භාරව කටයුතු කළ හෝටලයේ හිමිකාරිය විසින් ඇගේ වෙන් කිරීම අවලංගු කර තිබෙනවා. එසේ කරමින් ඔහු ආසියානු සම්භවයක් සහිත සිසුවියට පවසා ඇත්තේ  "උබ ලෝකයේ අවසන් මිනිසා උනත් මම උබට හෝටලයක් වෙන් නොකරන බවත් ඊට හේතුව උබ ආසියානුවෙකු වීම බවත්" ය.  තවදුරටත් ඇය පවසා ඇත්තේ "වෙනත් රටවල පුද්ගලයන්ගෙන් ඇමෙරිකාව" බේරා ගත යුතු බවත් ය.

ඉන්පසුව Dyne Suh යන අදාළ ආසියානු සම්භවයක් ඇති තරුණිය පවසා ඇත්තේ තමන් මේ පිළිබදව Airbnb  සමාගමට පැමිණිලි කරන බවයි. එවිට හෝටල් හිමිකාරිය පවසා ඇත්තේ "එලෙස පැමිණිලි කලහොත් සිදුවන ගැටලු වලින් බේරා දීමට ඇමෙරිකාව විදෙස් ජාතීන්ගෙන් බේ‍රා ගන්නා ඩොනල්ඩ් ට්‍රම්ප් ජනපතිවරයා සිටින බවයි" සිදුවීම සම්බන්ධයෙන් විමර්ෂණය කල ඇමෙරිකානු බලධාරීන් එම ජාතිවාදී හෝටල් හිමිකාරිය ඇ.ඩො 5000ක දඩයක් නියම කර නිදහස් කර තිබෙනවා.

සිදුවීමට අදාළ විඩීයෝව පහතින්...


 

No comments:

Post a Comment

Post Bottom Ad