සයිටම් වෛද්‍ය විද්‍යාලය ඇති කිරීමේ සම්පූර්ණ ගෞරවය හෝ අගෞරවය මා සතු විය යුතුයි..- S.B. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, July 13, 2017

සයිටම් වෛද්‍ය විද්‍යාලය ඇති කිරීමේ සම්පූර්ණ ගෞරවය හෝ අගෞරවය මා සතු විය යුතුයි..- S.B.

පුද්ගලික වෛද්‍ය විද්‍යාලයක් ඇති කිරීමේ සම්පූර්ණ ගෞරවය හෝ අගෞරවය තමා සතු විය යුතු බව ඇමැති එස්.බී.දිසානායක මහතා ප්‍ර‍කාශ කළේය. තමා එම තීරණය ගනු ලැබුවේ වසරකට උසස් පෙළ විභාගයෙන් සමත් වන එක් ලක්ෂ හැත්තෑ පන්දහසක් පමන වන සිසු දරුවන් වෙනුවෙන් මහත් අභිමානයෙන් බව ඇමැතිවරයා පැවසුවේ අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී පැවැති උත්සවයකදීය.

ජාතික සමාජ සංවර්ධන ආයතනය විසින් ඊයේ ශාස්ත්‍රීය ප්‍ර‍කාශන 05ක් එළි දැවූ අතර එම උත්සවයේදී අදහස් දැක්වූ ඇමැතිවරයා මෙසේද පැවසීය. ‘මම උසස් අධ්‍යාපන ඇමති වෙනකොට විශ්ව විද්‍යාල වලට ගත්තේ 17000 ක් විතර. මම ඒක තව 10000 කින් වැඩි කලා. හැබැයි උසස් පෙළ සමත් තවත් 150000ක් පමන වන සිසු පිරිසක් විශ්ව විද්‍යාල වල ඉඩ කඩ මදිකම නිසා ගෙවල් වල අසරණ වෙනවා. මින් 20000ක් පමන වන දෙනා රටේ තියෙන සීමිත විදෙස් මුදල් සංචිත ප්‍ර‍යෝජනයට අරගෙන නොයෙක් රටවල උසස් අධ්‍යාපනය සඳහා යනවා.

ඔය සමහර විදෙස් විශ්ව විද්‍යාල වල මූලික පහසුකම් වත් නෑ.පුද්ගලික වෛද්‍ය විද්‍යාල වලට විරුද්ධ වන තව කණ්ඩායමක් තමා ජනතා විමුක්ති පෙරමුණ.මා දන්න තරමට ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී වරුන් කීප දෙනෙක්ගේම දරුවන් පුද්ගලික විශ්ව විද්‍යාල වල මුදල් ගෙවා ඉගෙන ගන්නවා. සමාජවාදය ගැන කතා කරන ජනතා විමුක්ති පෙරමුණ හා පෙරටුගාමීන්ගේ දර්ශනයට අනුව ලෝකයේ පුද්ගලික අධ්‍යාපනය කියල දෙයක් තියෙන්නම බෑ .ඒක ඒ අයගේ දර්ශනය.ඒත් සමාජවාදයෙන් ආර්ථිකය ගොඩ ගන්න හැටි ගැන ඒ අය දන්නේ මොනවාද කියල මම අහන්න කැමතියි.


ඉස්සර අපේ කාලේ විශ්ව විද්‍යාල වල තිබූ දේශපාලන , ආර්ථික, සමාජ සංවාදය නැති කරපු අපරාධ කාරයා ජේවීපියයි. ඔවුන් විශ්ව විද්‍යාල වල බලයට ආපු ගමන් කළේ වෙනත් දේශපාලන සංවිධාන වලට දේශපාලන මත දැරීමේ අයිතිය අහිමි කළ එකයි. ඇත්ත පත්තරේ, රාවය පත්තරේ විශ්ව විද්‍යාල වලට ගෙනියන්න ඉඩ දුන්නේ නෑ මේ අය. මම ඔය විශ්ව විද්‍යාල දරුවන්ගෙන් අහන්න කැමති‍යි දරුවනේ ඔය ඔබලාව මෙහෙයවන වෛද්‍යවරුන්ගේ සංගමය අය 99.99%ක්ම නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගෙන, නොමිලේ වෛද්‍ය විද්‍යාලවලට ඇතුල් වෙලා, මහපොල ශිෂ්‍යත්වය අරගෙන,වෛද්‍යවරයෙක් වෙලා,දවසකට අති සාර්ථක ලෙස ලක්ෂ 04ක් ,05ක් අසරණ රෝගීන්ට පුද්ගලිකව වෛද්‍ය විද්‍යාව විකුණලා මුදල් හොයනවා. ඒ නිසා මේ දොස්තර වරුන්ට තම දැණුම ලෙඩ්ඩුන්ට විකුණන්න පුළුවන්නම් මේ රටේ රාජ්‍ය විශ්ව විද්‍යාලයකට යන්න බැරි දරුවන්ට පුද්ගලික විශ්ව විද්‍යාල පිහිටුවීමේ වරද කුමක්ද කියල මම අහනවා’

– සංජය දසනායක

No comments:

Post a Comment

Post Bottom Ad