ගිලිහෙමින් තිබූ අභිමානය සුරකිමින් "දික්වැල්ල - අසේල" සිම්බාබ්වේ දණ ගැස්වූ මොහොත (PHOTOS) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, July 18, 2017

ගිලිහෙමින් තිබූ අභිමානය සුරකිමින් "දික්වැල්ල - අසේල" සිම්බාබ්වේ දණ ගැස්වූ මොහොත (PHOTOS)

ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර පැවැති ටෙස්ට් තරගය ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම මීට සුළු මොහොතකට පෙර සමත් වුණා. එම තරගය පැවැත් වුණේ කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී. මෙහිදී ශ්‍රී ලංකා ක්‍රිඩකයන්ට ලකුණු 388 ක ඉලක්කයක් දෙවනි ඉනිමේදී හිමි වූ අතර දිවා ආහාරය සඳහා අද (18) තරගය නවතන විට ශ්‍රී ලංකා පිතිකරුවන් කඩුලු 05 ක් දැවී ලකුණු 270 ක් ලබා සිටියා.

බිඳ වැටුණු ශ්‍රී ලංකා ඉනිම ගොඩ ගැනීමේ සටනක නිරෝෂන් දික්වැල්ල සමගින් අසේල ගුණරත්න නිරත වූ අතර හතරේ පහර 06 ක් සමගින් ලකුණු 81 ලබා ගත් දික්වැල්ලට විලියම්ස් ගේ පන්දු යැවීම හමුවේ කඩුලු රකින්නා අතට උඩ පන්දුවක් ලබා දීම හේතුවෙන් සිය ඉනිම නිමා කිරීමට සිදු වුණා. ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 06 ක් දැවී ලකුණු 391 ක් ලබමින් ජයග්‍රහණය වාර්තා කළා. කණ්ඩායමේ බර සිය කර මතට ගත් අසේල ගුණරත්න ලකුණු 80 ක් ලබා නොදැවී ක්‍රීඩා කළා.

 

 

No comments:

Post a Comment

Post Bottom Ad