පොලිස් නිලධාරීන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමත් සමඟ පේදුරුතුඩුව සංසුන් (PHOTOS) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, July 10, 2017

පොලිස් නිලධාරීන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමත් සමඟ පේදුරුතුඩුව සංසුන් (PHOTOS)

යාපනය පේදුරුතුඩුව මනල්කාඩු ප්‍රදේශයේදී වැලි ටිපර් රථයට වෙඩි තැබීමෙන් පුද්ගලයෙකු මිය යාමෙන් සිද්ධියට සම්බන්ධ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව යාපනය පොලීසිය කියා සිටියේය. අදාළ වෙඩි තැබීමෙන් පසුව 24 හැවිරිදි තරුණයෙකු මිය යාමත් තවත් අයෙකු තුවාල ලැබීමත් යන හේතූන් නිසාවෙන් අදාළ පොලිස් නිලධාරීන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

මේ අතර පොලිස්පතිවරයාගේ නියෝගයන් පරිදි පොලිස් අධිකාරිවරයකුගේ ප්‍රධානත්වයෙන් විශේෂ විමර්ශනයක් කිරීම සඳහා පොලිස් විමර්ශන කණ්ඩායමක්ද වෙඩි තැබීම සිදු වූ ප්‍රදේශයට ගොස් ඇත. අදාළ පොලිස් නිලධාරින් දෙදෙනා අත්අඩංගුවට ගැනීමෙන් පසුව ප්‍රදේශයේ කලහකාරී තත්වය පාලනය වී ඇති අතරම කලහකාරී අයුරින් හැසිර පොලිස් භාරයට පත් පිරිස් ප්‍රශ්න කිරීම්වලින් පසුව නිදහස් කොට ඇති බව වැඩිදුරටත් වාර්තා වේ.

(වන්නි රොමේෂ්)

No comments:

Post a Comment

Post Bottom Ad