මොරගහකන්දේ ජලය වහා නිදහස් කරන්නැයි ඉල්ලීමක් (PHOTOS) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, July 5, 2017

මොරගහකන්දේ ජලය වහා නිදහස් කරන්නැයි ඉල්ලීමක් (PHOTOS)

පවතින නියඟයෙන් වගාවන් බේරා ගන්නට රදවා ඇති මොරගහකන්ද ජලාශයේ ජලය වහා නිදහස් කරන්නැයි සමස්ත ලංකා ගොවිජන සම්මේලනය රජයෙන් ඉල්ලා සිටිති. එහි ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා (5) දින මොරගහකන්ද ජලාශයේ නැරඹුම් ස්ථානයේ විශේෂ මාධ්‍ය හමුවක් කැදවමින් මේ ඉල්ලීම කළේය.

දැනට පොළොන්නරුව ,අනුරාධපුර ,මාතලේ හා ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවල විශාල ජල හිගයක් පවතින බවත් එහි වගා කළ ගොවි බිම් ජලය නොමැතිව විනාශ වෙමින් පවතිද්දී කන්ද උඩරටින් ලැබෙන ජලය අලුතින් ඉදි කරනු ලැබූ මොරගහකන්ද ජලාශයේ රදවා විදුලි බලය නිෂ්පාදනයක් අත්හදා බලන්නට යාම වැරදි බවත් මේ ජලාශය ඉදි කිරීමට කිසිදු විරුද්ධත්වයක් නොමැති බව ද වැඩිදුරටත් සඳහන් කර ඇත. රජය වහාම මේ පිළිබදව අවධානය යොමු නොකළහොත් ගොවින් පාරට බහින දිනය ඉතා ළඟ බව ද හෙතෙම වැඩිදුරටත් පැවසීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කරුණාරත්න මහතා සඳහන් කළේ  “කෘෂිකර්මාන්තය සදහා,වී ඇටය සදහා ඇමතිවරු රැසක් සිටින බවයි.මහවැව් මහවැලි ඇමතිටත් සාමාන්‍ය වැව් විජිතමුණි සොයිසාටත් කුඩාවැව් දුමින්දටත් පොහොර ටික මුදල් ඇමැතිටත් වී ඇටය හැරිසන් ඇමතිවරයාටත් සහල් ටික රිෂාඩ් බදියුධීන්ටත් ලබාදී ඇතත් ගොවීන්ට සෙතක් නැති බවයි.”

(දඹුල්ල කාංචන කුමාර ආරියදාස)



No comments:

Post a Comment

Post Bottom Ad