සංගීතා එක්ක, සමිතා එක්ක මගේ ආදර සම්බන්ධතා තිබුණා, දිල්හානිටත් මම ගොඩක් ආදරේ කළා – Photos - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, July 18, 2017

සංගීතා එක්ක, සමිතා එක්ක මගේ ආදර සම්බන්ධතා තිබුණා, දිල්හානිටත් මම ගොඩක් ආදරේ කළා – Photos


කවුරු අතරත් ආදරය දිනාගත්තු සිනමාවේ සිහින කුමරා ලෙසින් ආකර්ෂණය දිනාගත් චරිතයක් තමයි කමල් අද්දරආරච්චි. කුඩා කාලයේ සිටම අනංගයෙක් බවට පත්වූ මේ සිහින කුමරා ප්‍රේමය, ආදරය නිසාම බොහෝ ගල්, මුල් ප්‍රහාරයන්ට ලක්වූ අවස්ථා බොහෝය. ඒ සියලු බාධක විඳගනිමින් ඔහු ජීවිතයට මුහුණ දුන්නේ ආදරයේ ඇති උත්තරීතර බව පසක් කර දෙමිනි. මේ වනවිට සොඳුරු විවාහ ජීවිතයක් ගතකරන කමල් පුතකුගේ ආදර සෙනෙහස ද ලබමින් සිටී. ඉතිං මේ සිහින කුමරා ආදරයත් තමා ඇතිකර ගත් ප්‍රේම සම්බන්ධතාත් විවාහය ගැනත් සිදුකළ හෙළිදරව්වකි මේ.

ඉස්සෙල්ලම ආදරයක් ඇතිවුණේ කොයි කාලෙද..?
ඒ ආදරේ පුංචි කාලෙම ඇතිවුණු දෙයක්. මොන්ටිසෝරියේ උගන්වපු ටීචර්ට මම හරිම ආදරෙයි. එයාට කිට්ටු වෙලා දැවටී දැවටී ඉන්න මම ලොකු ආසාවකින් හිටියේ. පාසල් ගියාට පස්සේ ඒක වෙනස් වුණා. ඉස්සෙල්ලම පාසල් කාලයේදි තමයි මම ගැහැණු ළමයෙක්ට ආදරේ කරන්න පටන් ගත්තේ. ඒ කාලේ මම අනංගයෙක් තමයි. පාසලේදි මම හැම දේකින්ම කැපී පෙනුනා. ඒ නිසාම ගැහැණු ළමයින්ගේ ආකර්ෂණය දිනාගන්න මට පුළුවන් වුණා. ඒ නිසාම ආදර කතා හුඟක් තිබුණා. හැබැයි ඒවා කාලයත් එක්කම නැතිවෙලා ගියා. ලස්සන හිතට දැනුනු කෙනෙක් දැක්කම යාළුවෙන්න තමයි හැදුවේ. ගොඩක් ප්‍රේම සම්බන්ධතා තිබ්බා වගේම කෙල්ලෝ බූට් තිබ්බ තැනුත් නැතුවම නෙවේ.. මමත් එහෙමම කළා.


හරි.. ඒ ආදර කතා ඇතුලේ විශේෂ කෙනෙක් නැද්ද.?
හිටියා.. මම ඒ අතරින් කෙනෙක් ගැන හිතේ ලොකු ආදරයක් තිබ්බා. එයාට අපේ රටේ ඉන්න කැමැත්තක් තිබ්බේ නෑ. එයා ආසා කළේ වෙන රටකට යන්න. එතනදි එයා වෙනත් කෙනෙක් එක්ක සම්බන්ධයක් ඇතිකරගත්තා. ඒ නිසා ඒ ආදරෙත් නැතිවුුණා.


රංගන ශිල්පියෙක් වුණාට පස්සේ නිළියන් ඔයාගේ ආදරය ඉල්ලගෙන එන්න ඇති නේද? ඔයාත් නිළියන්ට ආදරය කළා ද?
රංගන ශිල්පියෙක් වුණාම චරිතත් එක්ක අපේ ආකර්ෂණය ඇතිවෙනවා. “ඉර පායා” ටෙලි නාට්‍යය කරද්දී සමිතා එරන්දතී එක්ක හොඳ හැඟීමක් ඇතිවුණා. මාත් ඇයට සමීප වුණා. එයාටත් එවැනි හැඟීමක් ඇති වෙන්න ඇති. මොනවා වුණත් අපි සීමාවක් තියාගෙන ප්‍රේම කළේ. ඒක හරියට දුර ඉඳන් කරන ආදරයක් වගේ. සංගීතා වීරරත්නටත් ඒ ආකර්ෂණය මා තුළ තිබුණා. අපි දෙදෙනාටම ඒ ප්‍රේමණීය ආකර්ෂණය තිබුණා. නමුත් අපි ඒවා දුරදිග ගෙනගියේ නැහැ. හැඟීම්, දැනීම් තිබුණු පලියට අපි ලිංගික ආසාවන් ඉෂ්ට කරගන්න ගියේ නෑ. අපි බුද්ධිමත්ව කටයුතු කළා. කිසිකෙනෙක්ට චෝදලා එල්ල කරන්න බැහැ අපි රූගත කරන අවස්ථාවලදී, පසුතලවලදී අනවශ්‍ය විදිහට හැසිරුණා කියලා. හදවතින් තමයි අපි ආදරේ කළේ. අදටත් අපේ බැඳීම තිබෙනවා. ඒ බැඳීම නිසා තමයි අපි අතර හොඳ සුහදතාවක් අදටත් තිබෙන්නේ. ඒක බොහොම සුන්දර මානුෂීය දෙයක්. ශාරීරික වින්දනයක් නොවෙයි. ඒ වගේ දෙයක් ලබන්නවත් නොවෙයි.


එතකොට ඔබ දිල්හානිට ආදරේ කළ කතාව..?
හම්… ඔව්.. ඒ කාලේ දිල්හානි ගැන මගේ හිතේ ලොකු කැමැත්තක් තිබුණා. ඇය සමඟ යාලුවෙන්නත් හිතුනා. ඒක පුදුම බැදීමක්. හැබැයි ඒ හැඟීම් හැංගි හොරා අපි කළේ නෑ. ප්‍රියංකරත් මගේ හොඳ යාළුවෙක්. අපි බුද්ධිමත්ව තමයි ඒ සබඳතාවය ගෙන ගියේ. මේ වෙද්දිත් ඒ ලෙංගතුකම් අපේ හිතේ තිියෙනවා. අපි විවෘතව ඇසුරු කළේ. හිත අයාලේ යන්න දුන්නේ නෑ. ඒක නළුවෙක්ට තිබිය යුතු වැදගත් ලක්ෂණයක්.


කමල්ට හැමෝගෙම ආකර්ෂණය තිබුණු නිසා යාළුවන් යෝජනා අරන් ආවා නේද කෙල්ලෝ සෙට් කරලා දෙන්න කියලා..?
හම්.. ඔව්… ඒ නිසා මගේ යාළුවෝ මට කියනවා “අර කෙල්ල මට සෙට් කරලා දීපං” කියලා.


රමණි බර්තෝලමියුස් චරිතය ඔබේ ජීවිතයේ වැදගත්ම කෙනෙක්.. කොහොමද රමණිට ආදරයක් ඇති වුණේ?
රමණි එක්ක ඇතිවූ ආදරය විශේෂයි. ඒ කාලයේ රඟපාන්න සෙට් එකට රමණි එන්න ඉස්සෙල්ලා, එතන ටීවී එකේ අය මම මොනවද කරන්නේ කියලා බලාගෙන හිටියා. මට රමණි දැක්කම ඇතිවුණේ ලොකු තිගැස්මක්. මම එයාට කැමතිවුණේ ඇයගේ අහිංසක, නිවුණු පෙනුමට. රාගික පෙනුමක් තිබෙන අයට වඩා මගේ හිත ආකර්ෂණය වුණේ අහිංසක, නිවුණු පෙනුමක් ඇති අයටයි. හැමවෙලේම අඟපසඟ පෙන්වන අයට වඩා මගේ ආකර්ෂණය තිබුණේ එවැනි අයටයි. රාගික අය මගෙන් බලාපොරොත්තු වුණේ ශාරීරික වින්දනයක් පමණයි. ඒ තුල මට ඕන ආදරේ තිබුණේ නෑ. රමණි ගැන මට ආදරයක් ඇතිවුණා. මම රූගත කරන කාලේදී තමයි ඇයට ආදරය ප්‍රකාශ කළේ. ඒක ආත්මීය බැඳීමක් කියලයි මට සිතුණේ.

ඒත් රමණිගේ මරණයෙන් පස්සේ ඔබ චෝදනාවට ලක්වුණා නේද..? ඒ වෙන්වීම දැනුනේ කොහොමද..?
මම එයාට අසීමිත ආදරයක් කළා. ඒ නිසා ඒ වෙන්වීම ගොඩක් තදින් දැනුනා. එයා ගත්ත ඉතාමත් ක්ෂණික, අනුවණ ක්‍රියාවක් නිසා සියල්ල සිදුවුණා. ඇය මට දැක්වූ අසීමිත ආදරය හරහා සිද්ධ වූ දෙයක් විදිහටයි මා එය දකින්නේ. මට ඒක වළක්වන්න ඒ මොහොතේදී බැරිවුණා. අවසරයක්වත් මට තිබුණේ නෑ. මම දුක්වෙනවා ඒ මොහොත ගැන. හරිම අවාසනාවන්ත මරණයක් ඇයට උදාවුණේ. ඒ මරණයේ චූදිතය බවට පත්වෙන්නත් මට සිද්ධ වුණා. මට හැමෝම වගේ චෝචනා කළා.


එයින් පස්සේ ඔබගේ ආදර හිස්තැන පුරවන්න හරියට කට්ටිය එන්න ඇති නේද?
අනිවාර්යෙන්ම ඔව්.. හැබැයි මට එතනින් පස්සේ ආදරයක් ඇතිවුණේ නැහැ. හැමෝම වගේ බැලුවේ වෙනත් ආස්වාදයක් පමණයි. එහිදී මා අතිනුත් එවැනි දේවල් සිද්ධ වෙන්න ඇති. මොකද අපි පෘථග්ජන අයනේ. දෙන්නගේම කැමැත්ත මතයි ඒ දේවල් සිද්ධ වුණේ. හැබැයි මම පිරිමි ගණිකාවක් නොවෙයි. මම එතනට වැටෙන්නේ නෑ.


දැන් ඔබගේ බිරිඳ අනුරානිට කොහොමද ආදරයක් ඇතිවුණේ? ඇය බිරිඳ කරගන්න ඔබ සිතුවේ ඇයි?
අනුරානිව මට හමුවන්නේ අවුරුදු 12 කට විතර ඉස්සර. අනුරානිව මට දැකපු පළමු දවසේ ඇතිවුණේ රමණිව දැක්කම ඇතිවුණා වගේ හැඟීමක්. ඇයගේ මුහුණ දැක්කාම, එයාව කසාද බඳින්න ඕනෑ කියන අදහස මට ඇතිවුණා. හැබැයි ඒ කාලයේ විවාහ වෙන මානසිකත්වයක නොවෙයි මම හිටියේ. අපි දෙන්නට අපල කාලයක් තිබුණා. හැබැයි අපි දෙන්නා පෙම්වතුන් විදිහට ආශ්‍රය කළා. ඒ අපල කාලය ගෙවනතුරු අනුරානිත් කැමති වුණේ නෑ විවාහ වෙන්න. පස්සේ තමයි අපි දෙන්නා විවාහ වුණේ. අද අපිට පුතෙක් ඉන්නවා. පුදුම සතුටකින් විවාහ දිවිය ගෙනියන්නේ.


කමල් බලාපොරොත්තු වුණු ආදරය අනුරානිගෙන් ලැබුණද..?
ඔව්.. එයා මට ගැලපෙන බිරිඳක්. ඇය ඉතා හොඳ යහපත් බිරිඳක්. බොහෝ දෙනා තුළ නැති ගුණ යහපත්කම ඇය ළඟ තිබෙනවා. ඇය දුප්පත්, ​පොහොසත් භේදයක් නැතිව මනුස්සයන්ට ආදරය කරනවා. සමහර වෙලාවට මගේ අත දිග හැරෙන්නේ නැති වෙලාවට එයා ඒ කටයුතු කරනවා. එහෙම වෙලාවට මට හිතෙනවා, ඇයි මගේ අත දිගුකරන්න බැරිවුණේ කියලා. ඇය ඉතාම ආදර්ශවත් බිරිඳක්.


අද ඔබ ප්‍රේමය, ආදරය දකින්නේ කොයි ආකාරයට ද?
ආදරය කියන එකේ තිබෙන්නේ වචන හරඹයක් තමයි. හැඟීම් එක්ක කතා කරනකොට පුද්ගලයන් දෙන්නෙක් අතරේ ඉතාමත් හොඳ බැඳීමක් තමයි ආදරය, ප්‍රේමය තුළ තිබෙන්නේ. අද එය කාම රාගය එක්ක බැඳුණු දෙයක් බවට පත්කරගෙන ඉන්නේ. ආදරය තුළදී බොහොම ඉවසීමෙන් කටයුතු කරන්න අපට සිද්ධ වෙනවා. අද මම මුහුකුරා ගිය කෙනෙක් විදිහට ආදරය දකින විදිහ වෙනස්. මේ සිතුවිලි එදා මට තිබුණ නම් අනවශ්‍ය දේවල් එක්ක පැටලෙන එකක් නෑ.


No comments:

Post a Comment

Post Bottom Ad